කල්ගිය ඡන්දය අප්‍රේල් 25

දින නියමයක් නැතිව කල් දමා තිබුණ පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු අප්‍රේල් 25 වෙනි දිනයේ පැවැත්වීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිසම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ඒ අනුව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව මෙම ඡන්ද විමසීම අප්‍රේල් 25 වෙනි දින පැවැත්වෙනු ඇත. මේ පිළිබඳව සාකච්ඡා කරන්නට අද උදෑසන මැතිවරණ කොමිසම වෙත මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිස්පතිවරයා ඇතුලු පිරිසක් කැඳවා තිබුණ අතර එම හමුවෙන් පසුව මෙම නිවේදනය නිකුත් කරන්නට එම කොමිසම කටයුතු කර ඇත. මෙම හමුවට භාණ්ඩාගාරයේ ලේකම්වරයා සහභාගීවී නැත.

Social Sharing
නවතම පුවත්