මෙරට ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද (01) දිනයේ දී විරෝධතා සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වනවා.
එම වෘත්තීය සඳහන් කරන්නේ අසාධාරණ බදු අය කිරීම් ඇතුළු රජයේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව එම ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මෙම වෘත්තීය සමිති 40ක පමණ නියෝජිතයින් මෙම ක්‍රියාමාර්ග සඳහා එක්වී සිටිනවා.
වරාය, තෙල්, විදුලි, ජල, බැංකු, දුම්රිය, විශ්වවිද්‍යාල, ටෙලිකොම් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති මෙම විරෝධතා ක්‍රියාමාර්ග හා එක්වන බව මේ වන විටත් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කෙසේ නමුත් වෛද්‍ය, ගුරු, විදුහල්පති සහ තැපැල් සේවකයින් අද (01) පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට සහාය පළකරමින් විරෝධතාවල නිරත වුවත් වැඩ වර්ජනයක නිරත නොවන බවද සඳහන් කර ඇත.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ අද විරෝධතාවක් පමණක් සිදුකරන බවයි.
දුම්රිය වෘත්තීය සමිති ද අද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ඔවුන්ගේ සහයෝගය දක්වා තිබෙනවා.
-www.news19.lk-