දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

ජනප්‍රිය යූටියුබ් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන දර්ශන හඳුන්ගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඔහු ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පසුගිය අරගල සමයේදී අරගලකරුවන්ට අරලියගහ මන්දිරයට අනවසරයෙන් ඇතුළුවීම සඳහා දර්ශන හඳුන්ගොඩ විසින් අනුබල දී ඇති බවට වන සැකය මත විමර්ශනයක් සිදුකෙරුණු අතර මීටපෙර අවස්ථා කිහිපයකදී ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කර තිබිණි.

කෙසේවෙතත් මීට සති කිහිපයකට පෙර නැවත වරක් ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දුන් අවස්ථාවේදී ඔහු විදේශගතව සිටින බව වාර්තා වී ඇති අතර ඒ පිළිබඳව CID ය අධිකරණයට දැනුම් දී තිබේ.

ඔහුව ඊයේ (05) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එහිදී ලැබුණු අධිකරණ නියෝගයක් අනුව බව සඳහන්.

-ලංකානිව්ස්වෙබ්-

Social Sharing
නවතම පුවත්