සිවිල් සංවිධාන රජයට ශක්තියක් – නිමල්කා ප්‍රනාන්දු

 

රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රය හැමදාම අභියෝගයන්ට මුහුණ දෙන ක්ෂේත්‍රයක්.ඒ ඒ කාල තුල පවතින දේශපාලන වාතාවරණ එක්ක රාජ්‍ය නොවන සංවිධාන පවත්වාගෙන ඒම විශාල අර්බුධයක්. ඒ වගේම දේශපාලන බලපෑම් තුළින් යම් නිතී රීති මුල් කරගෙන රාජ්‍ය නොවන සංවිධාන වලට බලපෑම් එල්ල කිරීමක් සිඳු කරනවා. විශේෂයෙන්ම යුද්දෙ ඉවර උනාට පසුව රාජ්‍ය නොවන ලේකම් කාර්‍යාලය හරහා සංවිධාන වලට වාරණ පැනවීමට කටයුතු කළා. එනම් රාජ්‍ය නොවන සංවිධාන සිඳු කරන සියලු ක්ට්යුතු වලට රජය මැදිහත් වුනා.

ව්‍යවස්ථාවෙන්ම රැස්වීමට ඇති අයිතිය ලබා දීලා තියනවා එය සිවිල් සමාජයටත් පොදු දෙයක්. බොහෝ විට දේශපාලන කණ්ඩායම් සිවිල් සමාජය සමඟ ගැටුම් ඇතිකර ගන්නේ ඔවුන්ගේ මතවාද වලට එකතු නොවී ක්‍රියා කිරීම මත.විශේෂයෙන්ම 88 89 කාළ වලදී සිවිල් සමාජය ආණ්ඩු පක්ෂ සහ විරුද්ධ පක්ෂ වලිනුත් අඩත්තේට්ටම් වලට ලක් උනා.

නමුත් ඇත්ත වශයෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කියන්නෙ රටට ඩොලර් ගෙනෙන පෞද්ගලික ව්‍යවසායන් සිටින තැනක්. ඉතින් රාජ්‍ය නොවන සංවිධාන රටක ආර්ථික ක්ෂේත්‍රයට විශාල ශක්තියක්. සුනාමිය, යුද්දය,රැකියා ව්‍යාපෘති,නිවාස ව්‍යාපෘති යනාදියට එමෙන්ම ආබාධිත පුරවැසියන්ට උපකාර කිරීම යනාදියට විශාල සහයක් ලබා දීලා තිබෙනවා සිවිල් සංවිධාන.මෙයින්ම පැහැදිලි වෙනවා සිවිල් සංවිධාන රජයකට ශක්තියක් කියලා. අපි රටකට එල්ලවන අභියෝග වලදී ද රජය සමඟ එකතු වී කටයුතු කරනවා මොන දේශපාලන මතවාද තිබුණත්.නමුත් රජයන් බලන්නෙ අපිව පාගා දමලා ඉදිරියට යන්න. එම නිසා මම කියන්න කැමති දෙශපාලන මතවාද වලින් ඔබ්බට ගොස් සත්‍ය තේරුම්ගෙන සිවිල් සංවිධාන වලට ශක්තියක් වෙන්න කියලා.

සමාජ ක්‍රියාකාරී ආචාර්‍ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය සිවිල් සමාජය රටකට කෙතරම් වැදගත් ද යන්න සාකච්ඡා කිරීමේ දී මෙම අදහස් දැක්විය.

Social Sharing
නවතම