විදුලි බිල තවත් ඉහළට

විදුලි ගාස්තුව යළිත් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

අනුව එළැඹෙන වසරේ ජනවාරි හා ජූනි මාස වල අවස්ථා දෙකකදී විදුලි ගාස්තු ඉහළ නැංවීමට අනුමැතිය දී ඇත.

දැනට විදුලිබල වන්නේ පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල 70% කින් පමණ ඉහළ නැංවිය යුතු බව විදුලි බල මන්ඩලනියෝජිතයන් විසින් ආර්ථික ස්ථායිකරණය සඳහා වූ ජාතික සභා අනුකමිටුවට දැනුම් දී තිබේ.

අනුව, ජනවාරි සහ ජුනි මාස වලදී පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවත්මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය සඳහා අදාල කටයුතු සිදුකිරීමට නියමිත බවත් විදුලිබල මණ්ඩලයේ අතිරේකසාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කරන ලදී.

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ පස්වරුවේ ප්‍රකාශකළේ විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙතෙක් සලකා බැලීමක් සිදුකර නොමැති බවයි.

මේ පිළිබඳව අවසන් තීරණයක් අද (01) මාධ්‍ය හමුවක් කැඳවා පවසන බවද මහතා පවසා තිබේ.

(Newspedia)

Social Sharing
නවතම