ජාතික ප්‍රශ්නය විසඳනවා ද නැද්ද ? අද සර්ව පාක්ෂික හමුවක්..!

උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා සර්වපාක්ෂික එකඟතාවයක් හදාගැනීමේ අරමුණෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ගේ හමුවක් කැඳවා ඇතැයි වාර්තා වෙයි.

අද (26) සවස 04.00 ට ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී එම හමුව පැවැත්වෙන බවත් එයට සහභාගී වන ලෙස කථානායකවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂ නායකවරයාට, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන යන අයට සහා දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන්, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුලුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම පක්ෂවල නායකයන්ට මෙම හමුවට ආරාධනා යවා ඇතැයි වාර්තා වෙයි.

Social Sharing
නවතම පුවත්