හිටපු ජනපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිසකට කැනඩාවට ඇතුලුවීම තහනම් කරමින් සම්බාධක පනවා ඇත.
ඒ අනුව මෙම දෙදෙනාට අමතරව යුධ හමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්රසාද් හෙට්ටිආරච්චි යන අයට කැනඩාව විසින් සම්බාධක පනවා ඇත.
මෙලෙස සම්බාධක පනවා තිබෙන්නේ යුධ සමයට අදාළව සිදුවුණා යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට අදාළවය. කැනඩාවේ විදේශ ඇමති මෙලනි ජොලී විසින් මෙම සම්බාධක පනවා ඇත. ඒ අනුව එරට විශේෂ ආර්ථික පියවර පනතට අනුව මෙම පුද්ගලයන්ට කැනඩාව සමඟ ගනුදෙනු කිරීම තහනම් වනු ඇත. ඔවුන් සතුව කැනඩාව තුළ යම් වත්කමක් තිබේනම් එම වත්කම් අත්හිටුවීම, සහ කැනඩාවට ඇතුල් වීම තහනම් වෙනු ඇත.
නිවේදනය පහතින් :
🇨🇦 has imposed sanctions against 4 Sri Lankan state officials responsible for gross and systematic violations of human rights.
These sanctions send a clear message: Canada will not accept continued impunity for those that have committed human rights violations in Sri Lanka. pic.twitter.com/cWYqxH4P7C
— Mélanie Joly (@melaniejoly) January 10, 2023