31න් පසු WhatsApp දුරකතන මාදිලි 49කට නැහැ

ජනප්‍රිය පණිවිඩ හුවමාරු කරන යෙදුමක් වන WhatsApp, ජංගම දුරකතන මාදිලි 49කට සිය සේවාව ලබා දීම නතර කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව, දෙසැම්බර් 31 වන දා සිට WhatsApp සිය සේවාව අදාළ දුරකතන මාදිලිවලට ලබා දීම නතර කෙරෙනු ඇත.

දැනට, WhatsApp යෙදුම Android 4.1 සහ ඊට ඉහළ, iOS 12 සහ ඊට ඉහළ KaiOS 2.5.0 සහ ඊට ඉහළ මෙහෙයුම් පද්ධති ඇති දුරකතනවල භාවිත කළ හැක.

ඒ අනුව, දෙසැ. 31 වන දා සිට WhatsApp යෙදුම භාවිත කිරීමට නොහැකි වන දුරකතන මාදිලි 49 පහතින් දැක්වේ.

Apple: iPhone 5, iPhone 5c
Samsung: Galaxy Ace 2, Galaxy Core, Galaxy S2, Galaxy S3 mini, Galaxy Trend II, Galaxy Trend Lite, Galaxy Xcover 2
LG: LG Enact, Lucid 2, Optimus 4X HD, Optimus F3, Optimus F3Q, Optimus F5, Optimus F6, Optimus F7, Optimus L2 II, Optimus L3 II, Optimus L3 II Dual, Optimus L4 II, Optimus L4 II Dual, Optimus L5, Optimus L5 Dual, Optimus L5 II, Optimus L7, Optimus L7 II, Optimus L7 II Dual, Optimus Nitro HD
Sony: Xperia Arc S, Xperia miro, Xperia Neo L
Huawei: Ascend D, Ascend D1, Ascend D2, Ascend G740, Ascend Mate, Ascend P1
Wiko Cink Five
Wiko Darknight ZT
Memo ZTE V956
Quad XL
Lenovo A820
Archos 53 Platinum
Grand S Flex ZTE
Grand X Quad V987 ZTE
HTC Desire 500

(මව්බිම් )

Social Sharing
නවතම පුවත්