පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට අදාළව සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ඔවුන් පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවීමෙන් පසුවයි.
එලෙස භාර වී ඇත්තේ, අවුරුදු 23 ත් 25 ත් අතර වයසේ පසුවන සැකකරුවන් නිට්ටඹුව , සඳලංගල , ගිරිතලේ , මාතලේ , හේනේගමුව හා ගලගම්වත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.
මෙම සිද්ධියට අදාළව තවත් සිසුන් 06 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.
පසුගිය 10 වැනිදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් හිටපු උපකුලපතිවරයාගේ නිල නිවසට ඇතුළු වී ඔහුට සහ ඔහුගේ පුත්‍රයාට පහරදී තිබුණු අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ, එම පහරදීමට සිසුන් 300 දෙනෙකු පමණ පැමිණ ඇති බවයි.
(newsfirst)