සුචරිත ගම්ලත්: ‘මා කළ සාරමත් විවේචන මාක්ස්වාදී විධික්‍ර‍මයේ ශක්තියයි’! 

මහාචාර්ය සුචරිත ගම්ලත් 2013 මාර්තු 30 වැනිදා සිය දිවි මං අත් හළේය.‍

අපෝහක භෞතිකවාදී කලා විචාර විධි ක්‍රමය ශ්‍රී ලංකාවේ ප්‍ර‍තිෂ්ඨාපනය කරනු වස් සිදුකළ පුරෝගාමී න්‍යායික සම්ප්‍රදානයන්ගෙන්මෙන්ම කම්කරු, ගොවි හා ධීවර ජනයාගේ මෙන්ම පීඩිත ජාතීන්ගේ විමුක්තිය සුරක්‍ෂා කිරීමෙහි ලා අචලව කැප වූ දේශපාලනභාවිතාවෙන් සුදීප්තිමත් වූ ඔහුගේ ශාස්ත්‍ර‍ලෝලී විචිත්‍ර‍ දිවි සැරිය එළඹෙන දශකයන් කෙරෙහි ප්‍ර‍ඥාලෝකය විහිදුවාලන උස්ප්‍ර‍දීපස්ථම්භයක් හා සම වේ.

ශාස්ත්‍රෝන්නතිය කෙරෙහි වූ නොතිත් අනුරාගයෙන් සාවේශිතව සිංහල භාෂාව සංවර්ධනයෙහි ලාත්, ප්‍රාචීනප්‍ර‍තිචීනදර්ශනවාදයන් පිරිසිඳ දැන චිරන්තන කලා සාහිත්‍ය පරිරක්‍ෂණය කොට මතු පරම්පරාවන් කෙරෙහි දායාද කිරීමෙහිලාත් ඔහු විසින්සිදු කරන ලද විදග්ධ ප්‍ර‍තිපදානයන්ගේ සර්වකාලීන සාරතාව අවිවාදිත .

වර්ග නාශක සිංහල ස්වෝත්තමවාදී වෛරී බලයන්ගේ අනිටු බලහාත්කාරයෙන් පීඩිත දෙමළ ජනයාගේ ජාතික විමුක්තිය පිළිබඳඉල්ලීම  රකිනු වස් තිස් වසක් තිස්සේ පෑ අචපල, තිරසර සහයෝගීතාව කෙරෙහි දෙමළ ජන ප්‍රණාමය සංකේතවත් කරමින් 2003 ජූනි 20 වැනිදා වවුනියාවේදී දෙමළ කිවියර පුදුවෛ රත්නතුරෛ අතින් සහෝදරාත්මක බුහුමනින් පිදූම් ලද ගම්ලත්, දකුණේපීඩිතයන්ගේ විමුක්ති සාධනය පිණිස කැපව සහ අදිටන් සහගතව පළ කළ සහායට කෘතගුණ පිණිස 2008 මැයි 14 වැනිදා  කොළඹදී කම්කරු හා ධීවර ජනතා ක්‍රියාකාරීන් අතින් ගෞරව පූර්වක උත්තමාචාරයට පාත්‍ර‍ විය. (ඔහු ලද තිළිණයවම්පසසේයාරුව)

චපල අවස්ථාවාදයත්, ස්වාර්ථකාමී නරුමවාදයත්, ග්‍රාමීය හීනමානයත් දේශපාලන හා සංස්කෘතික පෞරුෂයන් සේ උත්කර්ශයටනංවා ගරු බහුමාන ලබන සමයක, මාක්ස්වාදී දෘෂ්ටියෙන් අනුප්‍රාණ ලැබ මහැදුරු ගම්ලතුන් විසින් සුනිශ්චිතව රක්නා ලදසමූලධාර්මික ආස්ථානයන්, පීඩිත ජන විමුක්තිය උස් කොට තකන මිනිස් පරම්පරාවන් විසින් මතු මතුත් රක්‍ෂා කළ යුතු උරුමයකි.

2007 නොවැම්බරයේ දී දෙමළ විමුක්ති කොටි සංවිධානයේ දේශපාලන අංශ නායක එස් පී තමිල් සෙල්වන්ගේ ඝාතනයෙන්ඔකඳව උදම් රළක් සේ නැඟී වියරු අධිපතිවාදයේ රණගොසින් විකල්වූවන් විසින් වටලනු ලැබ සිටියදීත් නොබා නොසැළී ඔහුලියූ වදන්, දකුණේත්උතුරේත් පීඩිතයන්ගේ දුක්ඛිත ඉරණම හා සහවේදනා පළ කිරීමට නොපැකිලෙන, ඇතුළතින් නොබෙදුණුසුපිළිපන් මිනිසෙකු විසින් සිය සමස්ත සත්තාවෙන්ම රැකිය යුතු ජීවන ආස්ථානය මේ යැයි ප්‍ර‍තිමූර්තිමත් කළේය.

“1989දී ජනතා විමුක්ති පෙරමුණේ නායක විජේවීර රජයේ හමුදා විසින් අල්ලාගෙන ඝාතනය කරන ලදී. ජනතා විමුක්ති පෙරමුණකරමින් සිටි අරගළයටත් එම පෙරමුණටත් පක්ෂ විපක්ෂ යන්න නො තකා පාලිත පීඩිත ජනයා සියල්ලෝ මිය ගිය විජේවීරගැන ශෝකසන්තාපයට පත් වූහ. එම පෙරමුණ මට පනවා තිබූ මරණ වරෙන්තුවෙන් බේරී සිටි මම සැබවින් ශෝක වීමි. අපිමේ ම්ලේච්ඡ ක‍්‍රියාව ගැන අපේ විරෝධය පළ කළෙමු. අප එසේ කළේ ඇයි? නො මඟ ගොස් සිටියේ වුව විජේවීර පීඩිතයාවෙනුවෙන් පෙනී සිටි නිසා .

මෙලෙස සලකා බලන විට තමිල් සෙල්වන්ගේ මරණය පීඩිත ජනයාගේ උද්දාමයට නො බලවත් ශෝකයට හේතු විය යුතුසිද්ධියකි. පීඩිත ජනයා පීඩකයන්ට පහර දෙන්නේ යම් තැනෙක , සියලූ පීඩිතයන් පීඩකයන්ට එරෙහි සටන් වදින පීඩිතජනයාගේ පැත්තේ සිටිය යුතු . සාමාන්‍ය සටන්කරුවෙකු ලෙස දෙමළ විමුක්ති කොටි සංවිධානයට බැඳුණු තමිල් සෙල්වම් සියශූරවීර ක‍්‍රියා හේතු කොටගෙන අනුක‍්‍රමයෙන් සංවිධානය තුළ ඉහළ නැඟ ආබාධිත වීමෙන් පසු එම සංවිධානයේ දේශපාලනඅංශ නායක ධුරයට පත් විය….

ලොව සියලූ පීඩිතයන්ගේ පැත්තේ සිට සොවින් බර අපි ඔහුගෙන් සදහට සමු ගනිමු.” (2007 නොවැම්බර් 11 – ඉරුදිනසතිසංචින්තා)

වසංගතයක් සේ පැතිර ගිය වර්ගෝත්තමවාදයෙන් පිරිහෙළනු ලැබූ මුළුමහත් සමාජයක සදාචාර පරාභවයට එරෙහිව එසවුණුදුලබ සප්‍රතිපත්තිකභාවයේ හා මිනිස් විචාර බුද්ධියේ ධජය ඔහුගේ වදන් තුළ ජීවමාන නොවන්නේදැයි යළි කල්පනා කර බලන්නටඔහුගේ මරණයෙන් තුන් වසක් ගෙවී යන මේ මොහොතේ අපට අවකාශ ලැබී තිබේ.

1996 දෙසැම්බරයේදීහිරුසඟරාව සඳහා ලබා දුන් සමාලාපයක් ඇසුරින් සකස්කළ මෙහි පළ කෙරෙන ලිපිය, සුචරිත ගම්ලත්පිළිබඳ වියැකී නොයන සදානුස්මරණීය මතකයේ පුනර්ජීවනය පිණිස අපි කැප කරමු.

සංස්කාරක කමිටුව.

=============================

මාක්ස්වාදී සෞන්දර්ය විද්‍යා ව්‍යාපාරය, ලෝක පරිමාණව සැළකූ විට අද පසුවන්නේ කෙබඳු තත්වයකද කියන ප්‍රශ්නයට උත්තරදෙනකොට පළමුවෙන් මාක්ස්වාදී සෞන්දර්ය විද්‍යාව කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරන්න ඕන. මෙතනදී කාට හරිහිතෙන්න පුළුවන් මාක්ස්ගේ සෞන්දර්ය විද්‍යාවක් තිබුණා කියලා. එහෙම දෙයක් තිබුණේ නැහැ. නමුත් මාක්ස් සහ එංගල්ස්කලාව කෙරෙහි විශාල ලැදියාවක් හා භක්තියක් තිබූ අයයි. ශේක්ෂ්පියර්ගේ නාට්‍ය මාක්ස්ට කටපාඩම්ව තිබූ බවයි කියැවෙන්නේ. ඔවුන් තැන් තැන්වල සාහිත්‍ය කලාව පිළිබඳ ප්‍රකාශ කළ අදහස් තියෙනවා. ඒවා එක්තැන් කරලා ”Marx-Engles on Literature & Art” නමින් පළවී තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම ඔවුන් අවධාරණය කෙරුවේ, කලාව කියන්නේ මිනිසාගේ මනසින්බාහිරව තියෙන යථාර්ථය ඥානනය කරන්නා වූ සුවිශේෂ විධියක් කියලා. සමාජය අධ්‍යයනය කිරීමේදී ස්වභාවික විද්‍යාවටසුවිශේෂ විධියක් තියෙනවා වගේම, සමාජ විද්‍යාවට සුවිශේෂ විධියක් තියෙනවා වගේම කලාවටත් සුවිශේෂ විධියක් තියෙනවා.

ප්ලෙහානොව්ගේ ප්‍ර‍තිපදානය

කොහොම වුණත් මාක්ස් සහ එංගල්ස් කලාව පිළිබඳ දැරූ අදහස් මුළුමණින්ම පෙළගස්වලා ඉදිරිපත් කිරීමක් ලෝක පරිමාණවසිදුවී නැති බවයි මගේ අදහස. නමුත් රුසියානු විප්ලවයට සූදානම් වෙමින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායකයින් ජර්මනියේ. ප්‍රංශයේ, එංගලන්තයේ, ස්විට්සර්ලන්තයේ පිටුවහලේ සිටි අවධියේ ප්ලෙහානොව් (-ජෝර්ජි වැලන්තීනොෆ් ප්ලෙහානොව්) ප්‍රධාන වශයෙන්කලාව සම්බන්ධ මාක්ස්වාදී ආස්ථානය සංවර්ධනය කරන්න උත්සාහයක් දැරුවා. ප්ලෙහානොව් ඉතිහාසය, දර්ශනවාදය, අර්ථශාස්ත්‍රය, කලාව ආගම යනාදී ශාස්ත්‍රවල පාරප්‍රාප්ත වුණ පඬිවරයෙක්. ප්ලෙකානොෆ්ගේ කෘතීන් මම බොහෝදුරට කියවාතියෙනවා. නමුත් ඉන් ඒකාබද්ධ න්‍යායක් පිටතට ගැනීමට මම අධ්‍යයනය කර නැහැ. කොහොම වුණත් ප්ලෙකානොෆ්ගේඅධ්‍යයනයට ලක්වුණ කරුණු දෙකක් තිනෙවා. ඉන් පළමුවැන්න තමයි සෞන්දර්ය සංකල්ප කියන්නේ කිසියම් කලා කෘතියක්සම්බන්ධයෙන්මේක හොඳයි, මේක සාධුතරයි, මේක සුන්දරයි‘‘ යනාදී වශයෙන් ඇලවෙන ලේබල්. මෙම සංකල්ප බිහිවුණේකොහොමද කියලා අධ්‍යයනය කරන්න එයා මානව සමාජයේ ඉතා ඈතට ගියා. විශේෂයෙන්ම ඇමරිකානු ඉන්දියානු, බ්‍රසීලඉන්දියානු, ඕස්ට්‍රේලියාවේ ඇබොරිජින් ආදි වාසීන්, දකුණු අප්‍රිකාවේ බුෂ්මන්වරු ආදී ගෝත්‍ර සමාජ ආශ්‍රිතව සෞන්දර්ය සංකල්පබිහිවුණේ කොහොමද කියලා ඔහු අධ්‍යයනය කෙරුවා. එතැනදී ඔහු සොයාගත් දෙය තමයි කිසියම් දෙයක්සුන්දරයකියනසංකල්පය එන්නේ එය ප්‍රයෝජනවත් නම් බව. නිදසුනක් තමයි එක් ගෝත්‍රයක මිනිස්සු වර්ණවත් මැටි අඟේ තවරනවා. එසේආලේප කළ අය සුන්දර පුරුෂයන් සේ සැළකෙනවා. මේක අධ්‍යයනය කරමින් ගිය ප්ලෙහානොව් පෙන්වන්නේ මුල් යුගයේදී මැසිමදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න මිනිස්සු සිරුරුවල මැටි තවරාගත් බවයි. පසුකාලෙක සඳහා වෙනත් ක්‍රම සොයාගත්තත් මෙයඋපරි ව්‍යුහයට ඇතුළත් වෙලා අලංකරණයක් බවට පත්වෙනවා. තවත් අනන්ත නිදසුන් තියෙනවා. කොහොමවුණත් ප්ලෙහානොව්තහවුරු කළා සෞන්දර්යය පහළවෙන්නේ ප්‍රයෝංනවත්භාවය පදනම් කොටගෙන බව. නමුත් සප්‍රයෝජනවත් වූ සියලු දෙයක්මසුන්දර නැහැ.

ප්ලෙහානොව් අවධාරණය කළ දෙවැන්න තමයි, කලාවේ තියෙන්නේ ඥානික අගයක්ඥානකාරක අගයක් (Cognitive Value) යන්න. කියන්නේ කලාවෙන් ඥානයක් ලැබෙන බවයි. කොහොමවුණත් ඔයින් පස්සේ දෙවැනි ජාත්‍යන්තරයේ සිටි හා පසුවඑයින් කැඩිලා බොල්ෂෙවික් පක්ෂය ගොඩනැගූ ලෙනින්, ට්‍රොට්ස්කි, රඩෙක් වැනි මහා මාක්ස්වාදීන් කලා විචාරයට එළඹුණේ නැහැ. අයගේ ප්‍රධාන ප්‍රශ්නය තිබුණේ රුසියානු විප්ලවය සූදානම් කරන්නේ කොහොමද කියලායි.

to be continued…

-Jds web- 

Social Sharing
අවකාශය නවතම