ලංකාවේ “මාරියා” ට සම්මානයක්

මෙවර වියට්නාමයේ 06 වන වරටත් පවත්වන ලද හැනෝයි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල සඳහා රටවල් 50ක් නියෝජනය කරමින් චිත්‍රපට 123ක් ඉදිරිපත් කර තිබිණ.

ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් නියෝජනය කළ අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කළ ‘මාරියා’ චිත්‍රපටයට හොඳම නළුවාට හිමි සම්මානය හිමි විය.

එහි විශේෂත්වය වූයේ හොඳම නළුවාට හිමි සම්මානය ශ්‍රී ලාංකික රංගන ශිල්පීන් 07 දෙනෙකුට හිමි වීමයි.

ඒ අනුව හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, දසුන් පතිරණ, ප්‍රියන්ත සිරිකුමාර සහ සුරන් දිසානායක යන ශිල්පීන් මෙම සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

 

(newspedia)

Social Sharing
නවතම