බිත්තර හිඟයක් ද..?

 

මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිත්තර අලෙවි කිරීම සිදුනොවන තත්වයක් ඇතිවී තිබෙන බවට වාර්තා වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ බිත්තර තොග සඟවන පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

රට තුළ කිසිදු බිත්තර හිඟයක් නොමැති අතර ඇතැම් පුද්ගලයින් කෘතිම බිත්තර හිඟයක් මවාපෑමට උත්සහ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ අතර සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා සඳහන් කළේ පවතින වෙළෙඳපොළ තත්ත්වය හමුවේ රජයේ පාලන මිලට බිත්තර අලෙවි කිරීම ගැටලු සහගත බවයි.

රුපියල් 55ක මිලක් ලබා දෙන්නේනම් වෙළෙඳපළේ පවතින බිත්තර හිඟය මගහැරෙනු ඇති බවද සරත් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් ක‍ළේය.

 

( newspedia)

Social Sharing
නවතම