කොරෝනා රෝගීන් කෝටි දෙක ඉක්මවයි  

පසුගිය සතිය තුළ කොරෝනා වසංගත තත්ත්වයේ විශාල වර්ධනයක් පෙන්නුම් කරනු ලැබූ අතර, මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රමාණය කෝටි දෙක ඉක්මවා තිබේ. අද ඒම ප්‍රමාණය වාර්තා වුයේ 20,023,500ක් ලෙසය.  ඉන් මිලියන 12 කට වැඩි ප්‍රමාණයක් (12,897,984) මේ වන විට සම්පුර්ණ සුවය ලබා තිබේ.  මෙම රෝගයෙන් මිය ගිය ප්‍රමාණය 733,995 කි.

කොටි දෙකක් වූ මෙම සමස්ත රෝගීන් ප්‍රමාණයෙන් කොටියකට වැඩි ප්‍රමාණයක් වර්තා වන්නේ ප්‍රධාන රටවල් තුනකිනි. ඒ අනුව ඇමරිකා ඒක්සත් ජනපදයෙන් රෝගීන් 5,199,444 ද බ්‍රසීලයෙන් 3,035,582 ක්  හා ඉන්දියාවෙන්  රෝගීන් 2,214,137 මේ වන විට වාර්තා වී තිබේ.

ඒමෙන්ම මෙම වෛරසය හේතුවෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් මිය ගොස් ඇත්තේ ඇමරිකා ඒක්සත් ජනපදයෙන් වන අතර ඒම ප්‍රමාණය 165,617කි. දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ බ්‍රසීලය වන අතර ඒහි මියගොස් ඇති ප්‍රමාණය 101,136කි. තුන්වැනි ස්ථානයට පත්වී ඇත්තේ මෙක්සිකෝ රාජ්‍ය වන අතර ඒහි මියගොස් ඇති ප්‍රමාණය 52,298 බව වාර්තා වේ. ඉන්දියාවේ දැනටමත් රෝගීන් 44,466ක් මියගොස් තිබේ.

මෙම වාර්තා අනුව ශ්‍රී ලංකාව මෙම ලයිස්තුවේ 119 ස්ථානයේ පසුවන අතර, මේ වන විට රෝගීන් 2,844ක් සොයාගෙන ඇති අතර, ඉන් රෝගීන් 2,579ක් සම්පුර්ණ සුවය ලබා තිබේ. මෙම වෛරසය ආසාදනය වී මිය ගිය ප්‍රමාණය 11 ක් බවත් වාර්තා වේ. මෙම රෝගීන් සොයා ගැනීම සදහා සිදු කර ඇති පරීක්ෂණ ප්‍රමාණය 166,737ක් බවද වාර්තා වේ.

Social Sharing
නවතම