ඇමතිවරු විදෙස්ගත් වීම සීමා කරයි

 

මෙම දිනවලදී හදිසි වෛද්‍යමය අවශ්‍යතාවක් හෝ රජයේ ඉතා හදිසි කාර්යයන් සම්බන්ධයෙන් වන අවස්ථාවකදී හැර ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් විදේශ ගත නොවිය යුතු බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව පළ ව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී සහ අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව තුළ දී අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ ආණ්ඩු පක්‍ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් විදේශගතවීම සීමා කර තිබේ.

 

Social Sharing
නවතම