ගෑස් හිඟයක් නැහැ- ලිට්‍රෝ සභාපති

මෙරට ගෑස් හිඟයක් නොමැති බවත් තවත් ගෑස් නෞකාවක් අද(29) අලුයම මෙරටට ළඟා වූ බවත් ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ ය.

එහි ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් ගොඩබෑම හෙට (30) ආරම්භ කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

සභාපතිවරයා පැවසුවේ, මේ වනවිට ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලේ යම් අඩුවීමක් පවතින බවය.

එහි වාසිය ජනතාවට ලබා දීමේ අරමුණෙන් ලබන 05 වැනිදා සිට යළිත් ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට තීරණය කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

Social Sharing
නවතම