ඩෙංගු රෝගීන් වාර්තා වීම 3ගුණයකින් ඉහළට

මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,000 කට අධික බවත් එය පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තාවීම තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු වැළදීමෙන් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් බහුතරයක් කුඩා දරුවන් සහ වයස අවුරුදු 50 ට අඩු පිරිස් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ ය.

ඩෙංගු රෝගය ඉදිරි කාලසීමාව තුළ තවදුරටත් වැඩිවිය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

Social Sharing
නවතම