විජයදාසගෙන් කතානායකට යෝජනාවක්

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ කතානායක වෙතදැනුම් දී ඇත්තේ පවතින මැතිවරණ ක්‍රමයන් අනුව මැතිවරණ සඳහා මහජන මුදල් විශාල වශයෙන් වැයවන හෙයින්පාර්ලිමේන්තුව,පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට සුදුසු මැතිවරණක්‍රමයක් සොයා බලා වාර්තා කිරීම සහ නිර්දේශ කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසයි.

කතානායකවරයා විසින් මෙම කාරක සභාවේ සභාපතිවරයා සහ සාමාජික මන්ත්‍රීවරුන් නම් කරනු ලැබිය යුතු බවත් එහි සාමාජිකමන්ත්‍රීවරුන් විසි එක් දෙනෙකුට නොවැඩි විය යුතු බවත් අධිකරණ අමාත්‍යවරයා බාරදුන් එම යෝජනාවේ සඳහන් වේ.

කාරක සභාවේ සහාය පිණිස විශේෂ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමටද කාරක සභාවේවාර්තාව එහි පළමු රැස්වීම් දිනයේ සිට මාස හයක කාලයක් හෝ පාර්ලිමේන්තුව විසින් දීර්ඝ කරනු ලබන එවැනිකාලපරිච්ඡේදයක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවටද ඔහු යෝජනා කළේය.

Social Sharing
නවතම