මහපොළ 50%කින් ඉහළට..?

වෙළෙඳ අමාත්‍යාංශය හා මහපොළ භාරකාර අරමුදල සමග සාකච්ඡා කර මහපොළ ශිෂ්‍යාධාර දීමනාව වැඩි කිරීමට සැළසුම් කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසයි.

දැනට විශ්වවිද්‍යාල සිසුන් සඳහා මහපොළ කුසලතා මාසික ශිෂ්‍යාධාරය රුපියල් 5500 කි.

මහපොළ සාමාන්‍ය මාසික ශිෂ්‍යාධාරය 5000 ක් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ය.

උද්ධමනය ඉහළ යාමත් සමග මෙම ප්‍රමණය 50% කින් ඉහළ නැංවීමට ‍අපේක්ෂිතයි.

ආචාර්ය සුරේන් රාඝවන් ප්‍රකාශ කළේ, ලබන ජනවාරි මස සිට ශිෂ්‍යාධාරය වැඩි කිරීමට සැලසුම් කර ඇති බවයි.

Social Sharing
නවතම