චීනයේ හමුදා කුමන්ත්‍රනයක් සිදුවෙලා ද?

චීනයේ හමුදා කුමන්ත්‍රනයක් සිදුවී ඇති බවත්, චීනයේ බලය හමුදාව අල්ලාගෙන ඇති බවත්, ජනාධිපති ෂී ජින් පින් ජනාධිපති ධුරයෙන් ඉවත්කර නිවාස අඩස්සියට පත් කර ඇති බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු සංසරණය වීමට පටන් ගෙන ඇත.

ට්විටර් පණිවුඩ ඔස්සේ වැඩි වශයෙන් සංසරණය වූ මෙම තොරතුරු පිළිබඳව ඉන්දීය මාධ්‍ය දැඩි අවධානයෙන් පසුවෙන ස්රූපයක් ද නිරීක්ෂණය කළ හැක. මේ පිළිබඳව ‘Internet Abuzz With Rumours Of Xi Jinping’s House Arrest, Coup In China’ යන සිරස ඔස්සේ ලිපියක් පළකරන එන් ඩී ටී වී ආයතනය චීනයේ ජනාධිපති ෂී ජින්පින් නිවාස අඩස්සියේ තබා ඇති බවට අන්තර්ජාලය පුරා විවිධ මත පළවෙමින් තිබෙන බවත් සමාජ මාධ්‍යවල පළ වූ එම පෝස්ට් කිහිපයකට අනුව ෂී ජින්පින්ග් චීන මහජන විමුක්ති හමුදාවේ (පීඑල්ඒ) ප්‍රධානියා ලෙස ඉවත් කර නිවාස අඩස්සියේ තබා ඇති බවත් ප්‍රකාශ කරයි.

හමුදා කුමන්ත්‍රණයෙන් පසු චීනයේ මහජන විමුක්ති හමුදාවට අයත් හමුදා රථ බෙයිජීං අගනුවර වීදිවල සැරිසරන්න වූ බවත් චීනයෙන් පිටවන සහ චීනය බලා පැමිණෙන ගුවන් ගමන් සියයට 59 කින් පමණ හදිසියේ අඩු කර ඇති බවත් චීන රජයේ ඉහළ නිලධාරීන් බොහෝ දෙනකු හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් එම ට්විටර් පණිවුඩ ඔස්සේ ප්‍රචාරය වෙමින් ඇති බව සඳහන්.

මෙම පුවත ලෝකය පුරා මෙසේ මහත් ආන්දෝළනයක් සහිතව ප්‍රචාරය වුණත් චීනය කොමියුනිස්ට් පක්ෂය මේ සම්බන්ධයෙන් කිසිඳු ප්‍රතිචාරයක් තවමත් දක්වා නොමැත.

Social Sharing
නවතම පුවත් විදෙස්