“රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ “ – බන්දුල

 

රජයේ සේවකයන්ගේ මාසික වැටුප ගෙවීමට අද වනවිට රජයට ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බව පාර්ලිමේන්තුවේදී අසන ලද පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා ඇත.

තවද මූල්‍ය අරමුදල හරහා සිදුවන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ හේතුවෙන් මුදල් අච්චු ගැසීමට ද නොහැකි වී ඇති බවත් ඔහු පවසා ඇත.

“පවතින ආර්ථික අර්බුදයේ මාසිකව රජයේ වැටුප් පවා ගෙවාගන්න ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නෑ. අපි මේ සභාවේ කතා කළ යුතු ප්‍රශ්නය තමයි රාජ්‍ය ආදායම ඒ තරම් ඇනහිටීම හේතුකොටගෙන මේ වර්ශයේ අපිට විශාල ගෙවීම් ප්‍රමාණයක් තිබෙනවා ගෙවාගන්න බැරිව.

උදාහරණයක් වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ කරලා නිම වුණු වැඩ වලට මගේ ලග බිලි තියෙනවා බිලියන 100ට අධික ප්‍රමාණයක්. ඒ අය පත්වෙලා තිබෙන දුෂ්කරතාවය අපිට හොඳට තේරෙනවා. මොකද ණය වෙලා, බැංකු පොලී අරන් තමයි ඒ කොන්ත්‍රාත් අරන් තියෙන්නේ. කලින් ක්‍රමයට අච්චු ගහලා දෙන්නත් බෑ.

මොකද අපි මේ ණය ප්‍රතිව්‍යූහගත කරන වැඩසටහනක් යනකොට අපිට මූල්‍ය වැරදුනා කිව්වොත් තවදුරටත් ඒ යෝජනා කරැණු වලට යන්න බැරි තත්ත්වයක් තියෙනවා”

Social Sharing
නවතම