ඩොලර් හිඟය හේතුවෙන් මෙරටට ළඟා වූ ඉන්ධන නෞකාවලට ගෙවීම් කිරීමට මෙතෙක් නොහැකි වී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
සති 3 කට ආසන්න කාලයක් කොළඹ වරායේ බොරතෙල් නෞකාවක් නැංගුරම් ලා තිබුණ ද ඊට මුදල් ගෙවීමට මෙතෙක් හැකි වී නැත.
තවත් ඩීසල් නෞකා 2 ක් සතියකට අධික කාලයක් කොළඹ වරායේ නැංගුරම්ලා තිබේ.
අප කළ විමසීමකදී විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයයේ නිලධාරීයෙකු පැවසුවේ, නෞකා සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය ඩොලර් ලබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව සමග සාකච්ඡා කර පියවර ගන්නා බවයි.
(newsfirst)