මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා – ජූලි චන්ග්

ලංකා තරුණ මුස්ලිම් සංවිධානය හමුවෙමින් ජූලි චන්ග් පවසා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය,මිනිස් අයිතාවාසිකම්,නීතිය, යහපාලනය සහ විනිවිදභාවය වෙනුවෙන් අමෙරිකාව දිගින් දිගටම හඬ නගන බවයි.

ශ්‍රී ලංකාවේ තාරුණ ප්‍රජාව රට සාමකාමී ,එකමුතු සෞභාග්‍යමත් රටක් බවට පත් කිරීමට ඉවහල් වනු ඇති බවට තානාපතිනිය මෙහිදී පවසා තිබේ.

නව පරපුරක නායකයින් අනෙක් ප්‍රජාවන්ට ගරු කරමින් සහ ඔවුන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ඔවුන් සමග එක්ව වැඩ කිරීමේ වැදගත්කම ද තානාපතිවරිය මෙහිදී පෙන්වා දුන්නා ය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් ඇතුළු නිතීඥ ප්‍රජාව සත්‍ය ප්‍රකාශ කිරීමටත්,නිතීයේ ආධිපත්‍ය සුරැකීමටත් දරණ වෑයම ද ඇය මෙහිදී පැසසුමට ලක් කළා ය.

Social Sharing
නවතම විදෙස්