ලංකාවට උදව් කරන්න ලැබීම සතුටක් – IMF

යෝජනාවූ අමෙරිකානු ඩොලර් බිලියන 2.9 විස්තීරණ ණය පහසුකම මගින් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමේ කාර්යට මුළපිරීමටහැකිවීම ගැන සතුට පළ කරන බව ට්විටර් සටහනක් මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනාජෝර්ජිඒවා පවසයි.

පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව කාර්යයමණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹුණු අතර මාස 48 වැඩපිළිවෙළක් යටතේ මෙම ණය මුදල ලබාදීමට සැලසුම් කර තිබේ.

නමුදු එම කාර්යය තාමත් ශ්‍රී ලංකා රජයට අභියෝගයක් වී ඇති අතර සඳහා ණය හිමියන්ගේ කැමැත්ත ලබාගැනීම හාඔවුන්ගේ කොන්දේසි විමසා බැලීම හා එකඟ වීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු කාර්යයක් වී තිබේ.

Social Sharing
නවතම