රාජපක්ෂලා රකින රනිල්ගේ තවත් විගඩමක්

ජනතා අරගලය අතරේ විවිධ නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ බවට ආණ්ඩුව විසින් චෝදනා කරන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ඇතුළු අසූවකට ආසන්න පිරිසක් මේ වනවිට විවිධක්‍රම මගින් විදේශයන්ට පලා ගොස් ඇතැයි පැවසේ.

විදේශයන්ට පලා ගොස් සිටින මේ පිරිස් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ මේ දිනවල විශේෂ සෙවිල්ලක පසුවෙන බව සඳහන් වේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් ඇතුළු ජාත්‍යන්තර ආරක්ෂක සංවිධානවල සහායද ලබාගෙන ඇත.

සමහරුන් විදේශයන්ට ගොස් ඇත්තේ විවිධ තර්ජන ගර්ජන ඇති බවට තානාපති කාර්යාලවලට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින්යැයි දැනගන්නට ඇත.

ජනාධිපති මන්දිරයට අනවසරයෙන් ඇතුළුවී සෙල්ෆි ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදා හරින ලදැයි කියන කෝටිපතිව්‍යාපාරිකයකු අප්‍රිකාවට පලාගොස් ඇතැයි ආරක්ෂක අංශ පවසයි.

ඔහු මෙසේ විදේශයට පලා ගොස් ඇත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කිරීමත් සමගය.

මේ අතර අරගලයට සම්බන්ධ තවත් 200කට ආසන්න පිරිසක් විදේශගත වීම සඳහා තානාපති කාර්යාලවල රැකවරණ පතාඇතැයිද වාර්තා වේ.

ජනාධිපති මන්දිරයට, අරලියගහ මන්දිරයට අනවසරයෙන් ඇතුළුවීම සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසට ගිනි තබාවිනාශ කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් තවත් තිහකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය පවසයි.

පීඩනය හේතුවෙන් සිදු කළ ජන නැගිටීම මර්දනය කරමින්, ඊට සම්බන්ධ වූ පිරිස් විවිධ චෝදනා නගමින් අත් අඩංගුවට ගනිද්දීරාජපක්ෂලාගේ විදෙස් ගමන් තහනම් ඉවත් වෙයි. පලාගිය ගෝඨා යළි දිවයිනට පැමිණෙයි. රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා රකිමින්ජනතාවට පිටුපාන්නේ එසේය.

(නිව්ස්පීඩියා)

Social Sharing
නවතම