ලබන මස සිට හාල් කිලෝව 290ක්!

වී අලෙවි මණ්ඩලය මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් වැඩි මිලට මිලදී ගැනීම නිසාවෙන් තමන්ටද වී කිලෝවක් රුපියල් 140ත්150ත් අතර මිලකට මිලදී ගැනීමට සිදුව ඇති බවත් මේ හේතුවෙන් ලබන සැප්තැම්බර් මාසයේ සිට සහල් කිලෝවක් රුපියල්290කට අලෙවි කිරීමට සිදුවන බව මහා පරිමාණ මෝල් හිමියෝ පවසති.

දැනට රජයේ පාලන මිලට සහල් අලෙවි කරනු ලැබුවද සැප්තැම්බර් 18 වැනිදායින් පසු වී මිල අනුව සහල් මිල තීරණය කිරීමටසිදුවන බව සහල් මෝල් හිමියන් කියයි.

එහිදී සහල් මෝල් හිමියන්ගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසා සිටියේ වී අලෙවිමණ්ඩලය මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් 30000ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවත් ඉකුත්සෙනසුරාදා වන විට මෙට්‍රික් ටොන් 5000 ඉක්මවා මිලදීගෙන ඇති බවත් ඒවා සහල් බවට පත් කර PMB Rice නමින් අඩු මිලටවෙළෙඳපොළට නිකුත් කරන බවත්ය.

(නිව්ස්පීඩියා)

Social Sharing
නවතම