තනතුර හැරගිය අයට වරප්‍රසාද නෑ..

හිටපු ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථාපිත බලය මගින් හිමිවන වරප්‍රසාද ගෝඨාභය රාජපක්ෂ හට නොලැබෙන බව හිටපු අගවිනිසුරුසරත් එන්. සිල්වා මහතා අදහස් දක්වා තිබේ.

එනම් ගෝඨාභය රාජපක්ෂ යනු සිය ධුර කාලය අවසන් කොට විශ්‍රාම ගිය ජනාධිපතිවරයකු නොවන බවත්, ජනතාව විසින් නෙරපාහරින ලද සේවය අතහැර ගිය ජනාධිපතිවරයකු වීම නිසාවෙන් එම වරප්‍රසාද ඔහුට හිමි නොවන බවත්ය.

අනුව හිටපු ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථාවෙන් හිමිවන නිල නිවාස ඇතුළු වරප්‍රසාද කිසිවක් ගෝඨාභය රාජපක්ෂ හට හිමිනොවන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගේ ස්ථාවරය බව වාර්තා කොට තිබේ.

Social Sharing
නවතම