උණු හින්දා බොන්නත් බෑ, රනිල් ගේ නිසා අහක දාන්නත් බෑ

-කේ. සංජීව-

මේ වෙනකොට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදියෝ මානවහිමිකම්වාදියෝ නිදහස්වාදියෝ හැවෝම එක පොදියට විශාල අවුලකට පත් වෙලා. ඒකට හේතුව තමයි පාර්ලිමේන්තුව මගින් පත්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැවැන්ත සහ සහාසික මර්දනයක් ජන අරගලකරුවන් වෙත මුදා හැරීම. දැන් මේ ඉහත වාදීන්ට උණු හින්දා බොන්නත් බෑ රනිල් ගේ නිසා අහක දාන්නත් බැරි තත්ත්වයකට ඇවිත්. ඇත්තටම මොකද්ද මේ වෙන්නේ?

ජනාධිපතිවරයා තමන්ගේ ඉදිරි මාර්ග සිතියම රටට ඉදිරිපත් කරලා සුළු මොහොතකින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනෙනවා. චෝදනාව තමයි පහුගිය මැයි 28 වෙනිදා තිබුණ විරෝධතාවයකදී අධිකරණ නියෝගයක් කඩ කිරීම. අද (04) හවස කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ළඟට ඉදිරිපත් කරපු ජෝසප් ස්ටාලීන් එලබෙන අගෝස්තු 12 දක්වා රක්ෂිත බන්ධනාගාරයට යැවෙනවා.

මේ වෙලාවෙදි ස්ටාලින් වෙනුවෙන් පෙනී හිටපු ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්තිරන්ගේ තර්කය වෙලා තියෙන්නේ, මෙම අධිකරණයට මෙවැනි චෝදනාවක් විභාග කරන්න අධිකරණමය බලයක් නෑ කියන දේ. මහේස්ත්‍රාත්වරයා එම තර්කය පිළිගෙන නැහැ. මේ අවස්ථාව ඉවරවෙලා එම ස්ථානයෙන් එළියට ආපු සුමන්තිරන් මාධ්‍යවේදීන් අමතලා කීවේ මේ ගැන අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන්න කටයුතු කරනවා කියලා.

කොහොමවුණත් අවසානයේ ජෝසප් ස්ටාලීන් බන්ධනාගාර ගත කරලා තියෙනවා. ඒ කියන්නේ අරගලයට යම් නායකත්වයක් සැපයූවා කියලා ඔහුට පනිස්මන්ට් එකක් දීලා තියෙනවා. දඬුවමකට ලක් කරලා තියෙනවා. ලංකාවේ බන්ධනාගාරවල තත්ත්වය ගැන අපි අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ මේ බන්ධනාගාරයක් අස්සේ තත්ත්පරයක් හිටියත් ඒක විශාල දඬුවමක් විදිහට තමයි අපිට ගණන් ගන්න වෙන්නේ. ඉතිං මේ වෙනකොට ජෝසප් ස්ටාලීන් දණ්ඩනයට ලක් කරලා තිබෙනවා. නැත්තං රනිල් වික්‍රමසිංහගේ මර්දනයේ හස්ථයට ජෝසප් හසු කරගෙන තිබෙනවා.

ජෝසප් වගේ කෙනෙක් මෙවැනි දඬුවමකින් නවත්තන්න බෑ ඒක තමයි ඇත්ත. ඒත් මේ හරහා රනිල් වික්‍රමසිංහ සමාජයට දෙන පණිඩිය බරපතළයි කියන එකයි මේ ලියුම්කරුගේ අදහස. ඉතිං මේ බරපතළ පණිවිඩය අපි පුරවැසියෝ විදිහට වහාම බොහෝම බරපතළ විදිහට ගන්න ඕනෑ.

කොහොම වුණත් මේ අත්අඩංගුවට ගැනීමත් එක්ක අද (4) ලංකාව පුරා නැවතත් විශාල විරෝධතා රැල්ලක් නැඟුනා. හෙට අනිද්දා වෙන විට එහි වර්ධනයක් මිසක් අවවර්ධනයක් සිදුවෙන්න විදිහක් නෑ. ඊයේ (03) අත්අඩංගුවට ගත්ත තවත් සමාජ ක්‍රියාකාරිකයෝ දෙන්නෙක් අද ඇප මත නිදහස් කරන්න අධිකරණය කටයුතු කරලා තිබෙනවා. පොලීසිය ඔවුන්ට දාලා තිබෙන චෝදනා තමයි ජනාධිපති මන්දිරය ඇතුලේ ඡායාරූප ගත්තා කියන දේ.

මේ චෝදනාවලින් පේනවා ආණ්ඩුව සහ ජනාධිපතිවරයා මේ ගණිමින් ඉන්න ක්‍රියාමාර්ගයක් අස්සේ තියෙන අරමුණ මොකද්ද කියන දේ. ඇත්තටම මේක අතුරේ යනවා වගේ වැඩක්. කොහොම වුණත් වැල්පාලමේ ගීතය ගයපු රනිල් වික්‍රමසිංහ ඒ ගමන ආරම්භ කරලා. එහි ප්‍රථිපලය හෙටානිද්දට අපිට දැනගන්න ලැබේවි.

Social Sharing
නවතම විශේෂාංග