කබ්‍රාල්ට තවමත් රට යන්න දෙන්න බෑ

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට පනවා ඇති විදෙස් ගමන් තහනම 2022 ඔක්තෝබර් 26 දක්වා දීර්ඝ කිරීමට අද (25) නියෝග නිකුත් කර ඇත.

මුලින්ම 2022 අප්‍රේල් මාසයේදී අධිකරණය කබ්රාල් වෙත රටින් පිටවීම වළකමින් නියෝගයක් නිකුත් කර තිබුණ අතර ඉන් අනතුරුව හිටපු මහ බැංකු අධිපතිවරයාට පනවා තිබූ විදෙස් ගමන් තහනම අඛණ්ඩව දීර්ඝ කර ඇත.

කබ්රාල් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් ගොනුකළ පැමිණිල්ලකට අනුව මෙම විදෙස් ගමන් තහනම ප්‍රථම වරට නිකුත් කර ඇත.

Social Sharing
නවතම පුවත්