ජනාධිපති ලේකම් කාර්‍යාලය අද සිට යළි වැඩ

පසුගිය 09 දා ජනතා නැඟිටීමේදී අල්ලා ගන්නා ලද කොළඹ පිහිටි ජනාධිපති කාර්යාලය ගොඩනැගිල්ල තුළ පැවති රාජකාරී කටයුතු අද (25) නැවත අරඹා ඇතැයි වාර්තා වෙයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ දිවුරුම් දී පැය කිහිපයකට පසුව පසුගිය 22 දා අලුයම පොලීසිය සහ ත්‍රිවිද හමුදාව විශේෂ මෙහෙයුමක් කරමින් අරගලකරුවන් අල්වාගෙන සිටි ජනාධිපති ලේකම් කාර්‍යාලය රජය විසින් නැවත අත්පත් කරගත් අතර ඒ අනුව මෙලෙස රාජකාරි ආරම්භ කර ඇත.

කෙසේ වුණත් දැඩි ආරක්ෂිත රැකවල් යටතේ මේවනවිට ජනාධිපති ලේකම් කාර්‍යාලය තුළ රාජකාරි කටයුතු ආරම්භ කර ඇත.

Social Sharing
Uncategorized නවතම පුවත්