ආහාර ද්‍රව්‍ය ගැනීමට සහ කෘෂි කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජී 7 සංවිධානයේ රටවල් ලෝක බැංකුව සමඟ එක්ව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 14ක මුදලක් ලබා දීමට පොරොන්දු වී ඇති බව ගෝලීය කුසගින්න සහ සාගත වැළැක්වීම පිළිබඳව සංවාද සාකච්ඡාවකට සහභාගී වෙමින් වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති අබ්දුල්ලා ෂාහිඩ් මහතා සහ අනෙකුත් ජාත්‍යන්තර නියෝජිතයෝද මෙම සාකච්ඡාවට එක් වූහ.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 6 ක් හෝ මිලියන 7.5ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බව ද වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.
එසේම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වී නිෂ්පාදනය සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් මිලියන 24 ක් වන අතර 2021 දී වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 16 ක් වූ බවත් එබැවින් ශ්‍රී ලංකාවෙි සහල් අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් ආනයනය කිරීමට සිදුවනු ඇතැයි වැඩ බලන ජනාධිපතිවරයා කීය.