රාජපක්ෂවරු මත්තලින් පිට වෙයි…?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ පිරිසක්දිවයිනෙන් පිටව යාම සඳහා මත්තල ගුවන් තොටුපල වෙත පැමිණ ඇති බවට වාර්තා වන බව ලංකා නිව්ස් වෙබ් මාධ්‍ය වාර්තාකරයි.

අද දින අලුයම බැසිල් රාජපක්ෂ මහතාගේ නමින් අසන 6ක් වෙන් කර තිබු යානයට ගොඩ වීමට ඔවුන්ට අවස්ථාව නොලැබීගියේය.

ආගමන විගමන නිලධාරීන් ගනු ලැබූ තීරණයකට අනුව මෙලෙස ඔවුන්ගේ පිටව යා වැලකි ගිය අතර මේ වනවිට ශ්‍රීලන්කන් නිදහස්සේවක සංගමය රාජකාරිවලින් ඉවත්වී තිබේ.

අනුව රාජපක්ෂ පවුලේ සාමාජිකයින් 6 දෙනෙකු මෙසේ බෙල් හෙලිකොප්ටර් යානා දෙකකින් මත්තල ගුවන් තොටුපලට පැමිනඇති අතර ඔවුන් පෞද්ගලික ගුවන් යානයකින් (private jet) දිවයිනෙන් පිටව යාමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කර ඇතිබව එම මාධ්‍ය වාර්තා කරයි.

(නිව්ස්පීඩියා)

Social Sharing
නවතම