ලංකාවට ආධාර දෙන්න බෑ- ජපාන තානාපති

තම රට මේ මොහොතේ ශ්‍රී ලංකාවට ආධාර නොදෙන බව කොළඹ සිටින ජපාන තානාපති Mizukoshi Hideaki ප්‍රකාශ කර ඇත.
පසුගිය ජූනි 30 දා දෙමළ ජාතික සන්ධානය සමඟ පැවති සාකච්ඡාවක දී ජපාන තානාපතිවරයා මේ පිළිබඳව ප්‍රකාශ කර ඇති අතර එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවට මේ මොහොතේ මූල්‍ය ආධාර ලබා දුන හොත් ඒවා වැරදි ලෙස කළමනාකරණය වීමේ අවධානමක් පවතින බවය.
ශ්‍රී ලංකාවට ආධාර දීම සම්බන්ධයෙන් පසුව සලකා බැලිය හැකි බව ද මෙහිදී ජපාන තානාපතිවරයා ප්‍රකාශ කර ඇත.
ජපානය පසුගිය යහපාලනය කාලේ ලබාදුන් දුම්රිය පද්ධතිය ගෝඨාභය රාජාපක්ෂ ජනාධිපති වූ පසුව අවලංගු කළ අතර ඒ සමග ලංකාව සහ ජපානය අතර තිබුණ දේශපාලන සහ ආර්ථික සම්බන්ධතා පළඳු විය.
Social Sharing
නවතම