ලංකාවෙම Database එකම ධම්මික අතට

ධම්මිකගේ අලුත් අමාත්‍යාංශට ගැසට් කරලා තියෙන ආයතන ටික දිහා හොදට ඇස් ඇරලා බලන්න!ලංකාවෙම මිනිස්සුන්ගෙ දත්ත ලබාගන්න පුළුවන් සියළුම ආයතන ධම්මික අතේ නේද?

ලොකේම දැන් තියෙන අලුත්ම trend එක තමයි ඉන්ධන,රත්තරන් වලටත් වැඩිය ඉහල මිලක් ගෙවන්න වෙලා තියෙන්නෙ පුද්ගල දත්ත වලට.. දත්ත මෙච්චරටම වැදගත් ද?

දත්ත හා ව්‍යාපාර

ඔය මාර්කටින් දන්න අය හොදට දන්නවා Product එකක් හෝ Service එකක් Target Market එකට reach වෙලා sell කරගන්න නම් මුලින් Target Audience එක හරියටම අදුරගෙන ඉන්න ඕනි, ඉතින් එහෙම අදුරගන්න නම් ඒකට පුද්ගල රුචිඅරුචිකම් දැනගන්න පුද්ගලික දත්ත ඕනි (personal Data).

ඒ වගේම පුද්ගල මනෝභාවය දැනගත්තට පස්සේ හරියටම අදාළ පුද්ගලයන්ට Product එක හෝ Service එක අලෙවි කරගන්න නම් හරියටම Target customerට පමණක් Product Advert ඩිලිවර් කරන්න ඒ Customer ගේ පුද්ගලික දත්ත ඕනි වෙනවා ( නම,පදිංචි ලිපිනය,දුරකථන අංක,වයස,සොෂල් මීඩියා Contact id’s වගේ දේවල් )

ඔන්න එහෙනම් ඔය ටික ලේසියෙන්ම කරගන්න දැන් ධම්මිකට හරිම ලේසියි.. ධම්මිකගෙ බිස්නසුත් ගොඩ රාජපක්ෂලත් ගොඩ..

 

දත්ත සහ Political කැම්පේන්

මතක තියාගන්න රටක පුද්ගලික දත්ත වැදගත් වෙන්නෙ ව්‍යාපාර වලට විතරක් නෙමෙයි,

දැන් ලෝකයේ අලුත්ම Trend එක Political කැම්පේන් වලට Big Data use කරන එක.. ඉතින් ධම්මික පුතාත් හොදට මේක දන්නවා. කපුටා පුතාත් ඒක දන්නවා.. ඊළග ලංකාවේ ජනපතිවරණය කැම්පේන් එක බොහෝ විට Next Level කැම්පේන් එකක් වේවි..

මොකද පුද්ගලික දත්ත හරියට Analize කරොත් රටක විවිධ තරාතිරම් වල ජනතාව හිතන පතන විදිහ , ආකල්ප, පුද්ගලික රුචි අරුචිකම් වගේම , වර්තමාන ඒයාලගේ නැඹුරුව මොන අතටද කියලත් අවබෝධයක් හරියටම ගන්න පුළුවන්..

ඒ විතරක් නෙමෙයි පුද්ගලයන්ගේ වර්තමාන නැඹුරුව සහ පුද්ගලයන්ගේ ආකල්ප මොන වගේ සැලැස්මකින් ද වෙනස් කරන්න පුළුවන් කියලත් පූර්ව නිගමන වලින් තීරණයක් ගන්න Data භාවිතා කරන්න පුළුවන්..

ඒ වගේම එහෙම දත්ත Analyze කිරීමක් නැතුවම රාජපක්ෂලා ලංකාවේ බහුතර නූගත් සමාජයකගේ ආකල්ප විතරක් තේරුම් අරන් ඔලු වෙනස් කරපු හැටිත් මතක ඇති ඔයාලට. අමතක නම් කිහිපයක් පහලින් තියෙනවා..

• වඳ බෙෂියර් වඳ කොත්තු පෙන්වමින් ජාතීන් අතර සමගිය නැති කරමින් සිංහල බෞද්ධ බහුතර මනාපය සොරකම් කිරීම.

• රණවිරුගාය ඉස්මතු කරමින් කටුඇනුන නංගිලාගේ ආගමනය.

• අසීමිත සිංහල බෞද්ධ කම ඉස්මතු කරමින් සිංහළ නායකයෙකු අවශ්‍ය යැයි සමාජගත කිරීම. හා කැළණියේ මහා ශබ්දය සමග සාදුකාර මතින් නෙලුම් පොහොට්ටු බෙදීම..

• කොටි යලි නැගිටින බවට බිල්ලෙක් මැවීම.

• පාස්කු සැලසුමෙන් ජාතික ආරක්ෂාව බිඳවැටී ඇති බව ඇගවීම.

දැන් හිතාගන්නකො ඔය උඩ ඔක්කොම Political කැම්පේන් තමයි..

හැබැයි ඊළග පාර මැතිවරණය NextLevel විදිහට මීටත් වැඩිය සූක්ෂම විදිහට ගහන්න ධම්මික සැලසුම් කරනවා.. අන්න ඒකට එයාට ඉදිරි අවුරුදු දෙක හොදටම ඇති.. ඒකට අවශ්‍ය වෙන එකම දේ පුද්ගල දත්ත.. ඒව ලේසියෙන්ම ගන්න පුළුන් ආයතන ගනනාවක් ඔය අලුත් අමාත්‍යාංශ යටතට දාගත්තේ ධම්මික ඉල්ලලාම තමයි… අනික ඔය දත්ත ටික නැවත අලෙවි කරත් ධම්මික ගොඩ.
හැබැයි ඒ අලෙවි කරන්නෙ දත්ත විතරක් නෙමෙයි අපේ ඔලු ගෙඩි ටිකත් කියලා හොදට මතක තියාගනිල්ලා..

දැන් ඌට ලේසියෙන්ම පුළුවන් දත්ත වලින් ලංකාවේ මිනිස්සුන්ගේ psychological Structure (සයිකොලොජිකල් ස්ට්‍රක්චර් ) එක Analyse කරලා අපේ උන්ට ඕනි අවශ්‍යතා ටික හරියටම identify කරගෙන උගේ අළුත් බිස්නස් ටික ගොඩ දාගෙන, ලාභ කොටස් ටික රාජපක්ෂලාටත් බෙදලා දෙන්න.. ඒ වගේම ඉදිරි දෙවසර තුල ඊලග කැම්පේන් එකට අවශ්‍ය රංගන පිටපත් ටික Data Science වලින්ම තීරණය කරලා තිරගත කරාවි..

ඉස්සරහට ධම්මික නිතර මුමුණ දේවල් ටිකක් උබලට කියන්නම්..
ඒ නව්‍ය අධ්‍යාපන ක්‍රම, තාක්ෂනික උපනතීන්, නව මෘදුකාංග පද්ධති ස්ථාපිත කිරීම්. ජාත්‍යන්තර ගිවිසුම්,
තාක්ෂණික ආයෝජන ව්‍යාපෘති වගේ ගොඩක් අලුත් විදිහට සිස්ටම් චේන්ජ් ව්‍යාපෘති ගැන කතා කරයි.

ඒ නිසා මෙතනින් පස්සේ ඒව මැජික් එකක් විදිහට දකින්නෙ නැතුව ඒවගේ Hidden Agend එක ගැන හොයන්න අමතක කරන්න එපා..

ධම්මික Data use කරලා Social Engineering Strategy වලින් පොරට ඕනි ගේම ගහල රටම විකුණලා ඉවර වෙනකන් උනත් උබලා කෝමා තත්වයට පත් වෙලා ඉන්න ඉඩ තියෙනවා.. ඒ තරම් ඒවා පවර්ෆුල්..

ඒ වගේම හොදට මතක තියාගනිල්ලා ඉස්සරහට නටවන්නෙ උබලගේ භෞතික ශරීරය නෙමෙයි.. උබලගෙ මොල ගෙඩි ධම්මිකට ඕනි විදිහට නටන්න ධම්මික හුරු කරයි.. ඒක වෙන්නෙ උබලට නොදැනීම..

ඒ නිසා මෙතනින් ඉස්සරහට ලංකාවේ නව ඇමති ධම්මිකට හුරේ දාන ගමන් උඩින් කියපු දේවල් ටිකත් නිතර මෙනෙහි කරගන්න පුරුදු උනොත් හානිය අවම කරගන්නවත් අපිට පුළුවන් වෙයි.. පොරට හිතුනොත් මිනිස්සුන්ගේ ඇදිවතත් එක්ක මුළු ලංකාවම හූරන් කාල තමයි මූ නතර වෙන්නෙ.. ලියලා තියාගන්න..

(අලෙවිකරණය,තාක්ෂණය,මනෝවිද්‍යාව සහ දේශපාලනය ගැන දැනුම තියෙන අය මේ Platform එකේ ඉන්නවා වැරදී ඇත්නම් නිවැරදි කරන්න.. සංවාදයට විවෘතයි..)

මුතු ඇටේට ජය!

#It’s not surprising that data has surpassed the value of precious resources like gold or oil. After all, modern businesses run on data.

#Social engineering is the art of manipulating people….

-Chamith Rathnayke-

Social Sharing
නවතම විශේෂාංග