රට අඳුරේ තියලා තෙල් ඉල්ලන්න එපා – රනිල්

රට අඳුරේ තබා ඉන්දියාවෙන් තෙල් ඉල්ලන්න යැයි තමන් පවසන්නට එපා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව ඔහු පැවසූවේ විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන් හෙට (09) සිට දියත් කරනවා යැයි කියන විදුලි වැඩ වර්ජනය ගැන සිය අදහස ප්‍රකාශ කරමින් ය. එහිදී ඔහු ප්‍රකාශ කළේ ‘පාරේ විරෝධතා කරන්න, බෝඩ් අල්ලන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒත් රට අඳුරේ තබන්න එපා’ යන්න ය.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රට අඳුරේ තැබුවොත් ඉන්දියාව තෙල් දේවි යැයි වගකියන්නට තමන්ට නොහැකි බවය. ලංකාවට තෙල් දෙනවාට ඉන්දියාවේ සමහර අය විරුද්ධ බවද ප්‍රකාශ කරන අග්‍රාමාත්‍යවරයා අපට ප්‍රශ්න විසඳා ගැනීමට හදිසියක් නැත්නම් ⁣වෙනත් රටවල් උදව් කරාවි දැයි ප්‍රශ්න කළේය.

‘ඔබලා ඔබලාට මුලින්ම උදව් කරගන්න. ඊට පසුව අප උදව් කරන්නම්’ යන්න ජාත්‍යාන්තරයේ මතය බව මතක තබාගත යුතු යැයිද මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Social Sharing
නවතම පුවත්