සංගා මැජික් ද?

සංගා බලපත්‍ර අලුත් කරන පෝලිමේ සිටීම කිසිම ආකාරයකින් මැජික් එකක් වෙන්න බැහැ තමයි. ඒක තවත් එක මැජික් එකක් නොවී ලොකු පොඩි හැමෝටම එක සමාන තැනක් තිබිය යුතුයි කියන හයිපොතිටිකල් තැන ගැන කිසිම කතාවක් නැහැ. ඒක තමයි හැදෙන්න ඕනි. ඇත්තටම සංගා කරලා තියෙන්නෙත් ඒකම තමයි.

හැබැයි මේ වගේ දෙයක් මැජික් වෙන්න ඕනි නැහැ කියල අපිට යම් අවබෝධයක් තියෙද්දිත් සංගා වයිරල් වෙන්නේ ඇයි? එතන තියෙන්නේ දේශපාලන හේතුවක්. මම හිතන්නේ නැහැ ඒක අර්ජුන හරි සනා හරි හිටියොත් මේ විදියටම ඒවි කියල. එයි තමයි. හැබැයි මෙච්චර එන්නේ නැහැ.

අනික සංගා ඒක කරලා තියෙන්නේ කැමරාව ටාගට් කරලත් නෙවෙයි. ඒකම ඇති ඒ ගැන කතා කරන්න. එයා එග්සාම්පල් එකක් දෙනවා පොදු අවකාශය ගැන.

අනික සංගා සුවිශේෂ කෙනෙක් නෙවෙයි කියල කියන්නත් බැහැ. ලෝකයේ හැම රටක්ම තමන්ගේ රටේ සුවිශේෂී පුරවැසියන් වෙනුවෙන් විශේෂ අවස්ථා ලබා දෙනවා. එහෙම කරන්නේ ඒ වගේ සුවිශේෂ මිනිස්සු තව තවත් හදා ගන්න. නිකම් හිතන්න කෙනෙක් රටකට ඔලිම්පික් රන් පදක්කමක් ගෙනාව කියල.

රටක තියෙන්න ඕනි ඇම්බියුලන්ස් විතරක් නෙවෙයි.

මොනවා උනත් සංගාගේ කතාව ඇදිලා එන්නේ පට්ටම විදියට බලාපොරොත්තු සුන්නද්දුලි වෙච්චි වෙලාවක. අනාගතය ගැන කිසිම විශ්වාසයක් තියාගන්න බැරි වෙලාවක. පොලිටික්ස් එපා වෙච්ච් වෙලාවක.

අද තත්වේ මෙහෙම නම් ඇත්තටම සංගා දේශපාලනයට අවොත් මොකක් වෙයිද කියල හිතෙනවා…

කුමන තත්වයක් යටතේ හරි ඉදිරි දේශපාලනය ඇතුලේ යටත් විජිත ක්‍රීඩාවක් වන ක්‍රිකට් වල සෙලිබ්‍රටි කෙනෙක් හැටියට සංගාට තියන ඉඩ ගොඩක් වැඩියි කියල මට හිතෙනවා. විශේෂයෙන් දැන් තියන 225 එපා සහ නිර්පාක්ෂික කතාව ඇතුලේ සංගා වගේ කෙනෙක් ස්වාධින අපේක්ෂකයෙක් විදියට ආවත් බලපෑමක් තියෙයි.

කවුරු ආවත් තියෙන්නේ මාර අමාරු ගමනක්.

මහේෂ් හපුගොඩ
උපුටාගැනීම : ෆේස්බුක්

Social Sharing
නවතම