දුමින්ද හදිස්සියේ ලෙඩ වෙයි

ඊයේ (31) ශ්‍රේෂ්ඨාධිකරණය දුමින්ද සිල්වාට දී තිබූ ජනාධිපති සමාව අත් හිටවූ අතර ඒ සමගම අද (01) දින ඔහු හදිස්සියේ ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර ඇති බවට වාර්තා වෙයි.

ඔහු වහාම අත්අඩංගුව ගෙන වැලිකඩ යවන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර ඒ අනුව එම නිළධාරීන් පිරිසක් ජයවර්ධනපුර රෝහලට ගොස් ඇති බවට වාර්තා වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31) අතුරු නියෝගයක් නිකුත් කළේය.

එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ විදෙස් ගමන් තහනම් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය භාරයට ලබා දෙන ලෙසටද අතුරු නියෝගයක් නිකුත් කළේය.

 

Social Sharing
නවතම