ශ්‍රී ලංකාවේ අර්බුදය ඉන්දියාවට ආශිර්වාදයක්?

ශ්‍රී ලංකාවේ අර්බුදය ඉන්දියාවට ආශිර්වාදයක් වී ඇති බව නිව් ඉන්දියන් එක්ප්‍රස් ඊයේ (29) වාර්තා කර තිබේ.

ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඉන්ධන සපයා ගැනීමට සහ කාර්ය මණ්ඩලය වෙනස් කිරීමේ ස්ථානය ලෙස තිරුවානන්දපුරම් ගුවන් තොටුපළ යෙදා ගැනීම මීට හේතුවී ඇති බවයි.

කොළඹ සිට ජර්මනිය හා ඕස්ට්‍රේලියාව බලා පියාසර කරන ශ්‍රී ලංකන් ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීමෙන් පමණක් ඉන්දීය රුපියල් කෝටියක ආදායමක් අදාළ ගුවන්තොටුපළ උපයන බව එම වාර්තාවේ සඳහන් ය.

ඊයේ සහ පෙරේදා දින දෙකෙහි ද ශ්‍රී ලංකන් ගුවන් යානා දෙකක් එලෙස තිරුවානන්දපුරම් ගුවන්තොටුපළේ නවතා තිබූ බවත් පැය 12 ක පමණ පියාසර කාලයක් ගත කරන එම යානා සඳහා ටොන් 120 ක පමණ ඉන්ධන පිරවිය යුතු බවත් නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පවසයි.

මීට අමතරව ඉන්දිය ගුවන්තොටුපළ වෙත ගොඩ බෑමේ සහ අනෙකුත් ගාස්තුවලින් ද ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළින් ආදයම් ලැබෙන බව එම වාර්තාවේ සඳහන්‍ ය.

මේ පිළිබඳව අප කළ විමසීමේදී මෙරට ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ, ගුවන් තොටුපළට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමේ දුෂ්කරතාවක් පවතින බවයි.

අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ගුවන්තොටුපළ වෙත ලැබෙන්නේ නම්, නම් එවා අලෙවි කිරීමේ කිසිදු දුෂ්කරතාවයක් නොමැති බව එම සමාගම පවසයි.

කෙසේවෙතත් අදාළ සේවා සපයා ගැනීමේ ගුවන්තොටුපළ කුමක් ද යන්න තීරණය කරන්නේ අදාළ ගුවන් සමාගම බව ද දී ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසයි.

Social Sharing
නවතම