මහින්ද ඇතුළු පිරිස අල්ලන්න, සිවිල් සංවිධාන/ක්‍රියාකාරීන් නීතිපතිගෙන් ඉල්ලති

මැයි 09 වන දා ගෝල්ෆේස් සාමකාමි අරගලයට පහර දුන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙන්ම එදින ප්‍රචණ්ඩත්වය වැපිරූ පොහොට්ටු මන්තීවරුන් අත් අඩංගුවට ගන්නැයි බල කරමින් සිවිල් සංවිධාන 34ක් සහ සිවිල් ක්‍රියාකාරීන් 82ක් නීතිපති වෙත අද (24)පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

උපුටා ගැනීම,

සංජය රාජරත්නම් මහතා,
නීතිපති,
නීතිපති දෙපාර්තමේන්තුව,
කොළඹ.

නීතිපතිතුමනි,

*පුරවැසි අයිතිවාසිකම් කඩකිරීම සහ ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළ නතර කරන ලෙස දැනුම්දීම*

මාර්තු පළමු වැනිදා සිට මේ දක්වා රට පුරා සාමකාමී උද්ඝෝෂණ, වැඩවර්ජන සහ විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවක් තිබූ බව ඔබ හොඳින් දන්නවා ඇතැයි සිතමු. අත්තනෝමතික පාලනයට, මර්දනයට සහ ආණ්ඩුවේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට එරෙහිවත්, රටේ ඇති වී තිබෙන දේශපාලන සහ ආර්ථික අර්බුදයේ ප්‍රධාන වගඋත්තරකරුවකු වන දිගින්-දිගටම ව්‍යවස්ථා විරෝධී මෙන්ම අත්තනෝමතික ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් බලකරමින් පැවැති මෙම ක්‍රියාමාර්ග මර්දනය කිරීමට ආණ්ඩුව දිගින්-දිගටම පියවර ගත්තේය.

භාෂණයේ ප්‍රකාශනයේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් ගණනාවක් අහිමි කිරීම සඳහා මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ අවස්ථා දෙකකදී හදිසි නීතිය ගෙන ආ අතර, අවස්ථා කිහිපයකදීම ඇඳිරිනීතිය පනවනු ලැබීය. ඊට අමතරව මාර්ග සම්පූර්ණයෙන් අවහිර කරමින් ස්ථිර මාර්ග බාධක දැමීය. සාමකාමී උද්ඝෝෂණ විසුරුවා හැරීම සඳහා අවස්ථා දෙකකදී වෙඩි තැබූ අතර, අවස්ථා කිහිපයකදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

එක් අවස්ථාවකදී උල් කටු සහිත මාර්ග බාධක දමා, උල් කටු වැසෙන්නට කළු ඉටි කොළ දමා උද්ඝෝෂකයන් මරා දැමීමට පවා උත්සාහ කළේය. මේ සම්බන්ධයෙන් කොළඹ – කොටුව පොලිස් ස්ථානයට 2022 අප්‍රේල් 24 වැනිදා සහ 25 වැනිදා CIB i 15/159 අංකයෙන් පැමිණිල්ලක් කළ ද, මේ දක්වා කිසිම විමර්ශනයක් සිදු කර නැත.

දිගින්-දිගටම විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ සාමකාමී විරෝධතා සහ වෘත්තීය ක්‍රියාමාර්ග අඩපණ කිරීමට ආණ්ඩුව උත්සාහ ගත්තද, ඒවා අසාර්ථක වූ නිසා මැයි මස 09 වැනිදා අරලියගහ මන්දිරයට පිරිසක් ගෙන්වා, ඔවුන් මගින් මයිනාගෝගම සහ ගෝඨාගෝගම සාමකාමී විරෝධයට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව බලා සිටියදී පහර දුන්නේය. සාමකාමී අරගලවලට පහරදීම නිසා රට තුළ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර, අරලියගහ මන්දිරයට පිරිස් ගෙන්වා සාමකාමී විරෝධයට පහරදීමට ආණ්ඩුව සහ පොලිසිය කටයුතු කළේ මෙවැනි පහරදීමක් වුවහොත් රට තුළ කලබලකාරී වාතාවරණයක් ඇති විය හැකි බවට දැනුවත්වම ය.

මෙම පහරදීමට ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, එවකට අගමැතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඇතුළු කණ්ඩායමක් සෘජුව වගකිව යුතු වුවද, අද (23) දක්වා අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පිරිසෙන් 20කට ආසන්න පිරිසක් පමණි. එයින් ද ප්‍රධාන සැකකරුවන්ගෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්ත්‍රීවරුන් දෙදෙනකු පමණි.

එසේ තිබියදී එම සිදුවීමෙන් පසු රට පුරා සිදුවූ සිදුවීම්වලට සම්බන්ධ බව කියමින් 2,000කට ආසන්න පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. සාමකාමී අරගලයට පහරදීමට කටයුතු කළහොත්, වර්තමානයේ ඇති වී තිබෙන ආර්ථික සහ දේශපාලන පීඩනය හමුවේ පුරවැසියන් අතින් මෙවැනි සිදුවීම් සිදු විය හැකි බව දැන-දැනම ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට පහරදුන්, පහරදීමට සැලසුම් කළ සහ පහරදීමට ඉඩ දුන් පිරිස රට පුරා සිදු වූ සියලුම ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට වගකිව යුතු බව අපගේ අදහසයි.

එසේ හෙයින්,

1) පොලිසිය, හමුදාව ඇතුළු ආයතන හරහා ආණ්ඩුව සිදුකරන පුරවැසි අයිතිවාසිකම් කප්පාදුව නතර කිරීමට උපදෙස් දෙන ලෙසත්,

2) ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමී අරගලයට පහරදීමට ආධාර අනුබල දුන් සහ පහරදීම සිදු කළ ජනාධිපති, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, හිටපු අගමැති, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු සියලුමදෙනා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන ලෙසත්,

3) සාමකාමී විරෝධතාවලට පහරදීමට කටයුතු කළහොත්, රට පුරා කලබලයක් ඇති විය හැකි බව දැන-දැනම ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමී විරෝධතාවලට පහර දුන් සහ පහරදීමට අනුබල දුන් පිරිසට රට පුරා සිදුවූ සිදුවීම්වල ද අපරාධ වගකීම පැවරීමට පොලිස්පතිට උපදෙස් දෙන ලෙසත්,

4) ඉදිරියේදී මෙම සිදුවීම්වල චූදිතයන් සහ මෙම සිදුවීම් සම්බන්ධයෙන් පවරන මූලික අයිතිවාසිකම් නඩුවලදී පොලිසියට සහ ආණ්ඩුවේ දේශපාලනඥයන් වෙනුවෙන් පෙනීනොසිටින ලෙසත්,

ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සහ පුරවැසි අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් පෙනී සිටින පිරිසක් ලෙස අපි ඉල්ලා සිටිමු.

ස්තූතියි.

*පිටපත්*

1) සභාපති – ශ්‍රී ලංකා නීතිඥ සංගමය
2) සභාපති – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

*එකඟත්වය පළකරන සංවිධාන*
1. තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
2. තරුණ නීතිඥ සංගමය
3. ලංකා ගුරු සංගමය
4. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය
5. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය‍
6. නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය
7. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය
8. ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව
9. ශ්‍රී ලංකා තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගමය
10. ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය
11. ගැමි කාන්තා පෙරමුණ
12. වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය
13. සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය
14. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය
15. එස්එල් ව්ලොග් ආයතනය
16. සටහන් මීඩියා ඇන්ඩ් පබ්ලිෂර්ස් මාධ්‍ය ආයතනය
17. මීඩියා එල් කේ නෙට්වර්ක් මාධ්‍ය ආයතනය
18. සංදේශය බයි සරෝජ් නාලිකාව
19. ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
20. කතෝලික ගිහි සංවිධාන එකමුතුව
21. මහපොළොවේ මිනිස්සු සංවිධානය
22. නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය
23. ප්‍රොටෙක්ට් සංගමය
24. හෑෂ්ටැග් පරපුර
25. එක්සත් පොදු සේවක සංගමය
26. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය (එම්.සී.පී.ඒ)
27. ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය
28. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
29. ලංකා බැංකු සේවක සංගමය
30. එක්සත් කම්කරු සම්මේලනය
31. ලංකා විදුලි පොදු සේවක සංගමය
32. පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය
33. විමුක්ති ව්‍යාපාරය
34. විමෙන් ඩිවෙලොප්මන්ඩ් ඉනොවේටර්ස්

*එකඟත්වය පළකරන සිවිල් ක්‍රියාකාරීන්*

1. සුජිත් අන්නමලේ
2. ජෝසප් ස්ටාලින්
3. මෙත්මලී දිසානායක, ජනමාධ්‍යවේදී
4. වරුණ සුදන්ත හේරත්
5. ඩී එම් දිසානායක, නීතිඥ
6. රවී කුමුදේශ්
7. කෞෂල්‍යා වන්නිආරච්චි, ජනමාධ්‍යවේදී
8. එෆ් අස්ලම්, ජනමාධ්‍යවේදී
9. දුමින්ද සම්පත්, ජනමාධ්‍යවේදී
10. මාස් යූසුෆ්, නීතිඥ
11. ශ්‍රීනාත් පෙරේරා, නීතිඥ
12. භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්, නීතිවේදී
13. ලසන්ත රුහුණගේ, ජනමාධ්‍යවේදී
14. ශාන්ත විජේසූරිය
15. තම්බිරාසා නඩරාසා
16. තැන්නේ ඥාණානන්ද හිමි
17. ලක්මාල් සූරිගොඩ, ජනමාධ්‍යවේදී
18. සජීව විජේවීර, ජනමාධ්‍යවේදී
19. කේ එම් චින්තක බණ්ඩාර
20. සංජය නුවන්, ජනමාධ්‍යවේදී
21. රුකී ප්‍රනාන්දු
22. තරිඳු ජයවර්ධන
23. තරිඳු උඩුවරගෙදර
24. රේඛා නිලුක්ෂි හේරත්
25. එම් එෆ් එම් ෆසීර්, ජනමාධ්‍යවේදී
26. චාමර සම්පත්, ජනමාධ්‍යවේදී
27. ජගත් මනුවර්ණ, කලාකරු
28. වෑකඳවල රාහුල හිමි
29. ධම්මික මුණසිංහ
30. විමුක්ති දුෂාන්ත
31. විනීතා එම් ගමගේ, ජනමාධ්‍යවේදී
32. ආචාර්ය සංජන හත්තොටුව
33. රුෂ්ඩි හබීබ්, නීතිඥ
34. එම් සත්‍යවේල් පියතුමා
35. සිරංගිකා ලොකුකරවිට, ජනමාධ්‍යවේදී
36. තරංග වීරසිංහ, නීතිඥ
37. එම් අයි ඩබ්ලිව් පීරිස්
38. ඒ එල් මොහොමඩ්, නීතිඥ
39. ප්‍රබුද්ධ දික්වත්ත, කලාකරු
40. රෙබෙකා ඩේවිඩ්
41. ධනුෂ්ක සිල්වා
42. ශෙහාන් මාලක ගමගේ
43. චින්තක රාජපක්ෂ
44. එම් එම් එම් මුනීර් මව්ලවි
45. දීපාංජලී අබේවර්ධන
46. එස් එම් ජනේන්ද්‍රසිංහ
47. කල්ප මදුරංග
48. නවරත්න බණ්ඩා, පුණරුද ව්‍යාපාරය
49. තිලිණ නුවන් පතිරණ
50. දර්ශත ගමගේ
51. දුලංජය මහගමගේ
52. නීල් විජේතිලක
53. ඒ ජී යූ නිශාන්ත
54. සරෝජ් පතිරණ, ජනමාධ්‍යවේදී
55. මනෙෂ්කා බෝරම්, ජනමාධ්‍යවේදී
56. සෙනෙල් වන්නිආරච්චි
57. ධර්මසිරි ලංකාපේලි
58. සාරිතා ඉරුගල්බණ්ඩාර
59. කේ සංජීව
60. චමල් අකලංක පොල්වත්තගේ
61. සුගත් අමරසේකර
62. ප්‍රියන්ත ජයකොඩි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික)
63. ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්, පරිසරවේදී
64. හුසේන් අස්හාර් සයිනූන්, නීතිඥ
65. සඳුනිකා රත්නායක
66. රොමානා බන්නැහැක
67. වරුණ උදේෂ්
68. උදිත් ඉරෝෂ
69. තමල් මංජිත් වීරසිංහ
70. ගගන වර්ණකුලසූරිය
71. තරිඳු ධනංජය
72. සසිඳු කොඩිතුවක්කු
73. නීලනුවන් මුණසිංහ
74. ප්‍රමෝද් විජේරත්න
75. ෆස්මි මොහොමඩ්
76. අෆ්රා අන්සාර්, ජනමාධ්‍යවේදී
77. නාලිනී රත්නරාජා
78. සතිවේල් බාලක්‍රිෂ්නන්
79. ඇන්තනී ජේසුදාසන්
80. පී ඒ ඩී එස් කුලතුංහ
81. ඊ ඒ ටී එස් ඒකනායක
82. ශාලික විමලසේන

Social Sharing
නවතම