මන්කිපොක්ස් ආසාදිත රටවල් වැඩි වේ

මන්කිපොක්ස් නැමති වඳුරු උණ වෛරස තවත් රටවල් කිහිපයක පැතිර ඇහි බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව මේ වන විට මෙම වෛරසය ඊශ්‍රායලය, ස්විට්සර්ලන්තය සහ ඔස්ට්‍රියාවෙන් වාර්තා වී ඇත.

එසේම දැනට මන්කිපොක්ස් වෛරසය ව්‍යප්ත වී ඇති ලොව රටවල් සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊශ්‍රායලයෙන් සහ ස්විට්සර්ලන්තයෙන් වාර්තා වී ඇති මන්කිපොක්ස් වෛරස ආසාදිතයින් විදේශගතව සිටි පැමිණි පුද්ගලයින් ය.

තවද යුරෝපය, එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාවේ ද මන්කිපොක්ස් වෛරසය පැතිර ගොස් ඇති අතර එම රටවලින් තහවුරු වී ඇති රෝගීන් සංඛ්‍යාව 80 කට අධිකයි.

මන්කිපොක්ස් වෛරසය සඳහා නිශ්චිත එන්නතක් නොමැති වුව ද, මෙම වෛරසය සහ වසූරිය වෛරස් දෙක බෙහෙවින් සමාන බැවින් මෙම ආසාදන වැළැක්වීමට වසූරිය එන්නත 85% ක් පමණ ඵලදායී වන බව BBC පුවත් සේවය වාර්තා කළේ ය.

Social Sharing
නවතම විදෙස්