අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායක වෙයි

නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීම සඳහා අද (17) පැවති ඡන්ද විමසීමේ දී ජන්ද 109ක් ලබා ගනිමින් පොදු ජන පෙරමුණේ පා.ම අජිත් රාජපක්ෂ මහතා නියෝජ්‍ය කථානායක ධූරයට පත් විය.

ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මියට ලබාගත හැකිවූයේ ඡන්ද 78 කි.

මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විසින් නියෝජ්‍ය කථානායක ධුරය සඳහා අජිත් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ අතර කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් මහතා එම යෝජනාව ස්ථිර කරේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රෝහිණී කවිරත්න මහත්මිය ගේ නම යෝජනා කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම යෝජනාව ස්ථිර කළේය.

එසේම ඡන්ද 23ක් ප්‍රතික්ෂේපිත ඡන්ද ලෙස ප්‍රකාශ කෙරී ඇති අතර නොපැමිණි සංඛ්‍යාව 14කි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් නි.කථානායක ධූරය සඳහා කාන්තාවක් පත් කරනැයි ඉල්ලා තිබුණු අතර ඒ අනුව ස.ජ.බ රෝහිනී කවිරත්න මහත්මියගේ නම යෝජනා කළේය. මෙහිදී රනිල් ව්ක්‍රමසිංහගේ යෝජනාවට විරුද්ධව යමින් පොදු ජන පෙරමුණ කටයුතු කිරීම කැපී පෙනුණි.

 

Social Sharing
නවතම