රුසියානු යුධ අපරාධ හොයන්න කවුන්සිලයක්

යුක්‍රේනය ආක්‍රමණයේ දී සිදු වූ රුසියානු යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඒ, විශේෂ යෝජනාවක් සම්මත කරගැනීමෙන් අනතුරුවයි.

එහි දී සාමාජිකයින් 47 දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙම යෝජනාවට සාමාජිකයින් 33 දෙනෙකු පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

නමුත් චීනය සහ එරිත්‍රියාව ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරද්දී, සාමාජිකයින් 12 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය.

එසේම යෝජනාවට විරෝධය දැක්වීමක් ලෙස රුසියාව, එම සැසිවාරය සඳහා සහභාගී වූයේ නැත.

ඒ අනුව රුසියාව සිදුකර ඇති යුද අපරාධ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන කමිටුවක් මගින් පරීක්ෂණ සිදුකෙරෙනු ඇත.

එසේම රුසියානු ආක්‍රමණයට ලක්ව ඇති තම රට යුරෝපා මහද්වීපයේ ප්‍රබලම මානව හිමිකම් කඩවීම අත්විඳින බව, යුක්‍රේන විදේශ අමාත්‍යවරයා සැසිවාරය අමතමින් සඳහන් කළේ ය.

මේ අතර යුක්‍රේන යුද්ධයෙන් පුද්ගලයින් මිලියන 6 කට වැඩි පිරිසක් අවතැන්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගත සංගමය පවසා ඇත.
එයින් පෝලන්තයට පළාගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 3.3 කි.

Social Sharing
නවතම විදෙස්