ආණ්ඩුවක් පිහිටුවන්න ජවිපෙ සූදානම්

වර්තමාන අර්බුදයට ජාතික ජන බලවේගය විසින් අද දින පුවත්පත් සාකච්ඡාවකදී ඉදිරිපත් කරන ලද කෙටිකාලීන යෝජනාමෙසේයි:

1. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම ධුරයෙන් ඉවත්වන්න.

2. කතානායකවරයා තාවකාලිකව ජනාධිපති ලෙස දිවුරුම් දෙන්න

3. මාස හයක් තුළ මැතිවරණ පවත්වන්න.

4. මාස හය තුළ ආණ්ඩුවකට නායකත්වය දෙන්නට ජාජබ සූදානම්. සඳහා පාර්ලිමේන්තුවේ සහාය අවශ්‍යයි.

5. එහෙම නැතිනම්, වෙනත් අන්තර්වාර පාලනයකට ජාජබ සහාය විපක්ෂයේ සිට

6. කවර හෝ ආකාරයකින් පත්වන එම ආණ්ඩුව විසින් විධායක ජනාධිපති බලය හා වර්තමාන ජනාධිපතිගේ ධුර කාලය සීමාකරන 21වන සංශෝධනයක් ගෙනආ යුතුයි.

7. ජනතාවගේ බරපතල ආර්ථික පීඩනය අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය සහන දිය යුතුයි.

8. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනආ යුතුයි.

9. මාස හයක් ඇතුළත මහමැතිවරණයක් සමගම විධායක ජනාධිපති ධුරය අහෝසිකිරීම සඳහා ජනමත විචාරණයත් එකවිටපැවැත්විය යුතුයි.

10. තාවකාලික ආණ්ඩුවේ කටයුතු නිරීක්ෂණය සඳහා අරගලකාරී මහජන නියෝජනය සහිත අධීක්ෂණ කමිටුවක් පත්කරගතයුතුයි.

උපුටා ගැනීම : අජිත් පැරකුම් ජයසිංහ

Social Sharing
නවතම