අද (4) උදෑසන පාර්ලිමේන්තු පිවිසුම අසල උද්ඝෝෂණයේ නිරතව සිටියදී පොලිස් පැහැරගැනීමට ලක්ව මහරගම පොලීසිය වෙත ගෙන ගිය විරෝධතාකරුවන් 13 දෙනාට පොලිස් ඇප ලබාදීම එම පොලිසිය විසින් ප්රතික්ෂේප කර ඇත.
ඒ අනුව ඔවුන් කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දැනගන්නට ලැබේ. මෙම පොලිස් තීරණයත් සමග මහරගම පොලීසිය ඉදිරියට පැමිණි විශාල පිරිසක් ප.ව 3 වෙනවිටත් විරෝධතා දක්වමින් තිබෙයි.
ශ්රී ලංකා නීතිඥ සංගමයද මෙම අත්අඩංගුවට ගැනීම විවේචනය කරමින් ප්රකාශයක් නිකුත් කර තිබූ අතර එහිදී ඔවුන් පොලිස්පතිතුමාගෙන් ඇතුලු අදාළ පාර්ශවයන් වෙතින් මේ සඳහා මැදිහත්වීමක් අපේක්ෂා කරයි.