ආර්ථිකය නගා සිටුවීම සියළු පක්ෂ වල වගකීමක් – අලි සබිරි

පක්ෂ පාට වලට බෙදී සටන් කරනවා වෙනුවට කඩා වැටෙමින් තිබෙන ආර්ථිකය නගා සිටුවීම සඳහා යම් ප්‍රමාණයකින් හෝ දායකත්වය දැක්වීමට සියලු පක්ෂවලට ජාතික වගකීමක් තිබෙන බව අලි සබිරි මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එසේම ආර්ථික අර්බුදය නිසි පරිදි කළමනාකරණය කර නොගතහොත් භයානක උවදුරක් ඇති විය හැකි බව මුදල් අමාත්‍ය අලි සබිරි මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත.

ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා වල ප්‍රගතිය පිළිබඳ වාර්තාව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බෙදා දීමට කටයුතු කර තිබෙන බවද නිදහසින් පසු බරපතළම ආර්ථික අර්බුදයට රට මුහුණ දෙමින් සිටින බවද මුදල් අමාත්‍යවරයා තව දුරටත් සඳහන් කළේය.

Social Sharing
ආර්ථික