2018 පැමිණිල්ලකට සන්නාට උසාවි එන්න නියෝග

2018 වර්ෂයේදී ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ ‘බුදුන්ගේ රස්තියාදුව’ කෘතියට විරුද්ධව අධිකරණය හමුවේ ගොනුකළ නඩුවකට අදාළව මැයි 20 වෙනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල තිලකරත්ත නියෝගයක් නිකුත් කර ඇත.

දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ මෙම නඩුව ගොනුකර ඇතැයි දැනගන්නට ලැබෙන අතර කේ කේ ශ්‍රීනාත් චතුරංග විසින් ලියන ලද මෙම නවකතාව එවකදී ආගමික හැඟීම්වලට රිදවන බවට චෝදනා එල්ලවිය.

උපුල් ශාන්ත සන්නස්ගලට අයත් සංහිද මෙම පොතේ ප්‍රකාශකයා බැවින් ඔහුට විරුද්ධව මෙම නඩුව ගොනුවී ඇති අතර ඔහුට අමතරව මෙහිදී කේ කේ ශ්‍රිනාත් චතුරංගටද අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග නිකුත් කර ඇත.

මෙම නඩුව මෙම අවස්ථාවේ උඩට මතුවුණේ කෙසේදැයි මේ අතර බොහෝ පිරිසක් ප්‍රශ්න කරමින් සිටියි. උපුල් සාන්ත සන්නස්ගල යනු මේ දිනවල ක්‍රියාත්මක ගෝල්ෆේස් අරගල භූමියේ ප්‍රධාන අරගලකරුවෙක් වන අතර ඔහු මෙම ජනතා අරගලයට යම් ප්‍රමානයකට නායකත්වය සපයමින් සිටී. බොහෝ දෙනෙක් සැකකරන්නේ මෙම හේතුව නිසා මෙම නඩුකරය උඩට ආ බවය.

කෙසේ වුණත් භාෂනයේ සහ ප්‍රකාශනයේ අයිතිය වෙනුවෙන් මෙන්ම කලා කෘතියකට අනන්‍ය නිදහස අරඹයා කතා කිරීමේදී මෙය වැදගත් සිදුවීමකි. කලා කෘතියක් වාරණය කිරීම හෝ එයට විරුද්ධව නඩු පැවරීම හෝ එම කලා කෘතියට අදාළව එහි අයිතිකරුවන් සිරගත කරන්නට හෝ යම් කෙනෙක් කණ්ඩායමක් රාජ්‍යයක් උත්සාහ කරයිනම් එයින් පෙනෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය භාෂනයේ සහ ප්‍රකාශනයේ නිදහස එම රටතුළ ක්‍රියාත්මක වෙන ආකාරයයි.

Social Sharing
නවතම