සලේ ඉන්දියාවට හදිස්සියේ ගියේ ඇයි?

හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට විරුද්ධව පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනා ගොනුකරමින් තිබෙන පසුබිමක සහ සාරා ජස්මින් ගේ DNA නැවත පරීක්ෂා කරන පසුබිමක හදිස්සියේම රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ ඉන්දියාවට ගොස් ඇතැයි වෙබ් මාධ්‍ය කරුණු වාර්තා කරයි.

ඒ මහතා පසුගිය 25 දා රාත්‍රියේ හදිසියේම ගොස් ඇති බවත් ඊට අදාළ නිල රාජකාරිය කුමක් දැයි පැහැදිලි නොවන බවත් වාර්තා වෙයි.

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් සහ පාස්කු වින්දිතයන් ගේ වතිකානු සංචාරය සමග ලෝක මට්ටමින් විශාල විරෝධයක් ආණ්ඩුවට විරුද්ධව එල්ලවෙමින් තිබෙන පසුබිමක බුද්ධි ප්‍රධානියාගේ මෙම ඉන්දියානු සංචාරය වැදගත් එකක් වෙනු ඇතැයි දැනගන්නට ලැබේ.

මේ අතර පසුගිය කාලයේ දිගටම මාධ්‍ය වාර්තා කළේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකාරියක වන සාරා ජස්මීන් හොර රහසේම ඉන්දියාවට පැනගොස් ඇති බවය.

Social Sharing
නවතම