විමල් හැර, ජනපති ඉවත් කරන්න පක්ෂ නායකයන් එකඟයි.

විමල් වීරවංශ හැර පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් ජනපති ඉවත් කරන්න තීන්දු කරයි.

අද (20) දිනයේ පැවැති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුවේ ඇතුලු සියලු පක්ෂ නායකයන් ජනාධිපචතිවරයා ඉවත් කිරීමට එකඟතාව පළ කොට ඇත.

ඒ අනුව හෙට දිනයේ ජනාධිපතිවරයා හමුවී මේ බව දැනුම් දීමට සියලු පක්ෂ නායකයන් තීරණය කොට තිබේ.

කෙසේවෙතත් මෙම පක්ෂ නායක රැස්වීමේදී විමල් වීරවංශ පමණක් ජනාධිපතිවරයා ඉවත් කිරීමට එකඟතාව පළ කොට නැත.

පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසු ඇතිවූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් මෙම හදිසි පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට කතානායකවරයා පියවර ගෙන තිබිණ.

Social Sharing
නවතම