ගෙවීගිය පැය 24 ට ලොව වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් – WHO

ගෙවීගිය පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යවක් වාර්තා කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඒම ප්‍රමාණය 259,448 බව වාර්තා වේ. මීට පෙර දිනයේ ද කොවිඩ් 19  රෝගීන් 237,743 සංඛ්‍යාවක් වාර්තා තිබේ. ඒමෙන්ම, පසු ගිය මාසයේ කොවිඩ් 19 මරණ සිදුවීමේ සාමාන්‍ය 4600ක් ලෙස පැවති අතර, ඒය ජූලි මාසයේ 4800 දක්වා ඉහල ගොස් ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

අද වන විට ලොව කොවිඩ් 19 ආසදිතයින් ප්‍රමාණය මිලියන 14 ඉක්මවා ඇති අතර, වෛරසය ආසාදනයෙන් මිය ගිය ප්‍රමාණය ලක්ෂ 6 ඉක්මවා තිබේ. මේ අතර ඊයේ දිනයේ පමණක් වෛරසය ආසදිතයින් 224,273ක් සොයාගෙන ඇති අතර, ඊයේ වෛරසය ආසාදනයෙන් මිය ගිය ප්‍රමාණය 5011 ක් ලෙස ද වාර්තා වේ.

Social Sharing
Uncategorized