අද ආයෙත් කැබිනට් එකක්

අද (7) දිනයේ දී නැවත වතාවක් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට තීරණයක් ගෙන ඇතැයි වාර්තා වෙයි.

පසුගිය 06 වෙනිදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අරලියගහ මන්දිරයේදී හමුවී ඇති අතර එහිදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවක් පැවතී ඇත.

එහිදී තීරණය කර ඇත්තේ රාජපක්ෂවරුන්ගෙන් තොර සීමිත කැබිනට් මණ්ඩලයක් පත් කිරීමටය. මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඉවත්වීම පිළිබඳව නැවත සාකච්ඡා කර ඇති අතර එහිදී බොහෝ දෙනෙක් ඊට සිය විරෝධය දක්වා ඇත.

Social Sharing
නවතම පුවත්