මර්දනයට, ආසයි බයයි..!

ඊයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හැසිරීම දිහා බැලුවාම පේන දෙයක් තමයි කාලය සියල්ලටම විසඳුම් ගෙනත් දේවී කියලා ඔවුන් හිතාගෙන ඉන්නවා කියන දේ. අනික් පැත්තෙන් සමහර මන්ත්‍රීවරුන්ට තිබුණේ මේක මර්දනය කරන්නේ නෑ කියන අඬෝවැඩියාව.

ඒ අස්සේ යුද්ධ හමුදාවේ විශේෂ බලකායේ යතුරු පැදිකරුවන් සරුංගල් වගේ පාර්ලිමේන්තුව අවට උද්ඝෝෂකයන්ගේ රෙද්ද අස්සේ ඉගිල්ලෙනවා අපි දැක්කා. මේ වෙලාවේ පොලිස් හැසිරීම දිහා බැලුවාම පේනවා රාජපක්ෂලාට තමන්ගේ දඩ බල්ලන් මුදාහරින එක හිතන තරම් ලේසි නෑ කියලා.

කොහොම වුණත් මේ වෙනකොට කොළඹ පුරවලා තියෙන්නේ හමුදාව ගෙනල්ලා. ඊයේ කොළඹ වරායට ඇතුල්වෙන සීමාවේ සිය ගණනින් හමුදාව කැරළි මර්දනයට ලක ලෑස්තිවෙලා හිටියේ. ඇයි කියන්නනම් අපි දන්නේ නෑ. උද්ඝෝෂකයන්ගේ සැළසුමක් තිබෙනවා වරාය අල්ලගන්න කියලා, බුද්ධි තොරතුරක් ආවද දන්නේ නෑ..

කොහොම වුණත් මර්දනයට ආසයි බයයි වගේ එකක් තමයි දැන් පේන්න තියෙන්නේ. මේ වෙලාවේ උද්ඝෝෂකයෝත් 225ම එපා කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස්සේ දුවන එක නතර කරන්න ඕනෑ. ගෙවල්වලට පනින ගෙවල් කුඩු කරන එක නතර කරන්න ඕනී.

ගෙවල් ඉස්සරහා උද්ඝෝෂණය කරන එකයි ගෙවල් කුඩු කරන එකයි දෙකක්. මර්දනය කැන්දාගන්නේ නැතුව මේක ජයග්‍රාහී මාවතට නැවත සැරයක් පීලිගත කරන්න ඕනී කියලයි මට හිතෙන්නේ.

මේ උද්ඝෝෂණ ව්‍යාපාරය අයිතිකරගෙන ඉන්නේ වර්තමාන තරුණ පරපුර. ඔවුන්ට 225 පිළිබඳවම සාධාරණ වෛරයක් තිබෙන්න පුලුවන්, ඒක ඇත්ත. ඒත් මේ තරුණ ප්‍රජාව තමන්ගේ ප්‍රධාන ඉල්ලීම වෙන ‘ගෝඨා ගෙදර පළ’ කියන එක කරවාගන්න පුලුවන් තැනකට දැන් මේ සටන අරගෙන එන්න ඕනී.

ඒ අස්සේ අපි පාර්ලිමේන්තුවට බලකරන්න ඕනී කතා සාප්පුව වහලා දාලා මේ පැය 24ම වැඩකරලා හරි, වැඩකරන විරුවයි ඌගේ සනුහරෙයි පාරට දාලා මේ අර්බුදයට සාධාරණ විසඳුමක් දීලා රට අරාජික වීම වළක්වා ගන්න කියලා.

වර්තමානයේ අපිට ඉන්නේ මෝඩ නාකි අවලස්සන කතානායකවරයෙක්. මේ යකාටනම් මේ අර්බුදයේ දිග පළල කිසිදෙයක් පේන්නේ නෑ. ඒ හින්දා පාර්ලිමේන්තුවේ ඉන්න ජේෂඨයන් මේ වඟකීම තමන්ගේ කර උඩට ගන්න ඕනී. පාර්ලිමේන්තුව එක ඉලක්කයට ගන්න ඕනී.

ව්‍යවස්ථා සංශෝධනය කරලා හරි මේ යකා සහ ඌගේ පවුල් රොත්ත මේ තනතුරුවලින් එළියට දාලා භාරකාර ආණ්ඩුවක් හදන වැඩේ පාර්ලිමේන්තුව අදම පටන් ගන්න ඕනී. ඒක කරන්න තව තවත් පරක්කු උනොත් පාර්ලිමේන්තුව ඇරිලා ගෙදර යන්න ඔය කාටවත් හම්බවෙන එකක් නෑ.

ඒ නිසා මේක බැරෑරුම් විදිහට පාර්ලිමේන්තුව භාරගන්න ඕනී රාජපක්ෂ පවුලට කුදගහගන්න කියලා.

ඒත් තවමත් පාර්ලිමේන්තුව නිදි ඒකයි අවුල..!

-කේ. සංජීව-

Social Sharing
නවතම